Bullet Train නම ඇසූ පමණින් නිතැතින්ම අපේ මතකයට එන මීළඟ වචනය වන්නේ ජපානයයි.

ඔන්න දැන් ජපානය විසින් 2030 වර්ෂයේදී මහජනතාව වෙත නිකුත් කිරීමට නියමිත ඔවුන්ගේ මීළඟ bullet train එකේ අත්හදාබැලීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ අලුත්ම train එක Alfa-X යන නමින් හඳුන්වනු ලබන අතර පැයකට කි‍ලෝමීටර් 400ක පමණ උපරිම වේගයක් ලබා ගතහැකි නමුත් මගීන් රැගෙන යන විටදී 360 km/h පමණ වේගයක් පවත්වාගැනීමට නියමිත වෙන බව මෙහි නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන Kawasaki Heavy Industries ආයතනය හා Hitachi ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙය 2030 වර්ෂයේදී මහජනයාට විවෘත කිරීමට නම් වසර ගණනාවක පරීක්ෂණ කටයුතු අත්‍යවශ්‍යය වන බව වැඩිදුරටත් පෙන්වාදෙන මොවුන් Aomori සහ Sendai යන නගර වලදී රාත්‍රී කාලයේදී අත්හදා බැලීමේ සිදු කිරීමට කටයුතු කරනු ලබනවා.

2030 වර්ෂයේදී මෙය නිකුත් කළ විට ලොව තිබෙන වේගවත්ම bullet train එක බවට මේ Alfa-X train එක පත්වන නමුත් දැනටමත් Shanghai’s maglev train එකට පැයට කිලෝමීර් 431ක උපරිම වේගයක් ලබාගැනීමේ හැකියාව තිබෙන බැවින් ලොව වේගවත්ම train එක යන කිරුළ හිමි කරගැනීමට මේ Alfa-X train එකට හැකියාවක් නොලැබී යනවා.

ඒ වගේම 2027 වර්ෂය වන විට පැයට කිලෝමීටර් 505ක වේගයක් ලබාගත හැකි maglev train route එකක්, එහෙමත් නැතිනම් maglev දුම්රිය මාර්ගයක් Tokyo සහ Nagoya අතර ඉදි කිරීමට සූදානම් වන බවත් වාර්ථා වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Designboom වෙබ් අඩවිය භාවිතා කළ හැක.