Tencent Holdings Ltd සමාගම විසින් ඔවුන්ගේ ලෝකප්‍රසිද්ධ video game එක වන PlayerUnknown’s Battlegrounds, එහෙමත් නැතිනම් PUBG game එක චීනයට ලබා දීම නවතා තිබෙනවා.

වසරකට වැඩි කාළසීමාවක් තිස්සේ PUBG සඳහා in-app purchases සිදු කිරීමේ අවසරය ලබාගැනීමට උත්සාහ කලත් චීනයේ පවතින දැඩි නීත පද්ධතිය හමුවේ මෙයට ඉඩක් ලබා දීමට ඔවුන් කටයතු කර තිබුණේ නැහැ.

චීනයේ ඇති Weibo platform එක හරහා Tencent සමාගම ප්‍රකාශ කර සිටියේ PUBG පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට ඔවුන් කටයුතු කරනු ලබන බවත්, ඒ වෙනුවට anti-terrorism, එහෙමත් නැතිනම් ත්‍රස්තවාදීන් හට විරුද්ධ වන තේමාවක් යටතේ "Game for Peace" යන නමින් අලුත් game එකක් හඳුන්වා දීමට කටයුතු කරනු ලබන බවත් ය.

මේ Game of Peace, game එක Tencent ආයතනය විසින්ම නිර්මාණය කර ඇති අතර චීනයේ ගුවන් වීරයන් වන චීන ගුවන් හමුදාවට උපහාරයක් වශයෙන් මෙය නිකුත් කිරීමට නියමිත වෙනවා. එමෙන්ම චීන රජය විසින් මේ අලුත් game එකට in-app purchases license එක ලබා දීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අලුත් game එක play කරන පිරිසගේ අදහස නම්, සාමාන්‍යය PUBG සහ මේ අලුත් game එක අතර විශාල වෙනසක් නොමැති බවත් Game එක play කරන ආකාරය, background එක, graphic සහ චරිත ආදිය PUBG වල තිබෙන ආකාරයම ගන්නා බවයි.

‍කොහොම වුණත් මේ අලුත් game එක අතරතුර වෙඩි තැබීමකදී වෙඩි වැදුණු පුද්ගලයාගෙන් ලේ ගැලීමක් සිදු නොවන අතර මියගිය පුද්ගලයා නැගිට goodbye wave එකක්, එහෙමත් නැතිනම් අත වැනීමක් සිදු කරනු ලබන බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Reuters වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.