චීනය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන Search App එකට Google සේවකයන් 400 දෙනෙකුගේ විරෝධය

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    පසුගිය මාස කිහිපය ඇතුලත Google සමාගම විසින් චීනය වෙනුවෙන් නිර්මාණය කරමින් යන Dragonfly නමැති Search පහසුකමක් ගැන අපි ඔබට වාර්ථා කළා මතක ඇති.

    මේ පහසුකම හරහා චීන රජයට අවශ්‍යය ආකාරයට අදාල Search පහසුකම හරහා පෙන්වන තොරතුරු වාරණය කිරීමට අවස්ථාව ලැබෙන අතර මේ පහසුකම ලබා දීම මගින් චීන රජයේ මර්ධනකාරී වැඩ පිළිවෙලට සහායක් ලැබෙන බව ලොව පුරා බොහෝ දෙනා අදහස් දැක්වූවා.

    මේ අනුව චීන ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට මේ පහසුකම මගින් සහාය ලබා දෙන බව පෙන්වමින්, Google සමාගමේ සේවකයින් 400 දෙනෙකු පමණ එකතු වී අත්සන් කරනු ලැබූ ලිපියක් මගින් මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කරන ලෙස Google සමාගමෙන් ඉල්ලා සිටිනවා.

    මෙම ලිපිය publish කරන අවස්ථාවේදී අත්සන් 11 කින් පමණක් සමන්විත වූ මෙය, වරුවක් ඇතුලත අත්සන් 407 කින් සමන්විත වී තිබෙනවා. මෙම ලිපියට ආභාශය ලැබී තිබෙන්නේ Google ආයතනය ඇතුලත බෙදාහරිනු ලැබූ අත්සන් 1,400කින් පමණ යුතු තවත් ලිපියක් හරහා බවට ද තොරතුරු අනාවරණය වෙනවා.

    මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Online පළ කර ඇති අදාල ලිපිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.