මේ වන විට Android ජංගම දුරකථන භාවිතා කරන්නන් බොහෝ දෙනෙක් Google Photos app එක භාවිතා කිරීමට පෙළඹීමට ප්‍රධාන හේතුවක් ලෙස එහි ඇති automatic organizing පහසුකම මෙන්ම එහි ලබා දෙන unlimited free storage පහසුකම පෙන්වා දිය හැකි වෙනවා.

කොහොම වුණත් මේ Google Photos app එක performance අඩු ජංගම දුරකථන වලදී භාවිතා කිරීමේදී RAM එක, Storage එක සහ Internet connectivity එක සඳහා resources වැඩි වශයෙන් වෙන් කළ යුතු වන අතර ඒ හරහා පරිශීලකයාගේ Android Experience එකට හානියක් සිදු වෙනවා.

කොහොම නමුත් මේ වන විට Google සමාගම විසින් ඔවුන්ගේ Go apps අතරට Gallery Go නම් වූ අලුත් app එකක් හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර Google Photos වල මෙන්ම automatic organization පහසුකම මෙයට ද අන්තර්ගත වෙනවා.

මේ app එක offline භාවිතා කිරීම වෙනුවෙන්ම නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වන අතර AI භාවිතා කරමින් ඔබේ ඡායාරූප ස්ව්‍යංක්‍රීයව organize කිරීමටත්, ඒවා එක click එකක් පමණක් භාවිතා කරමින් අලංකාර කිරීමටත් මේ හරහා හැකියාව ලැබෙනවා.

මේ App එක සඳහා ඔබගේ ජංගම දුරකථනයෙන් 10MB පමණ storage space එකක් පමණක් ලබාගන්නා අතර මෙය Android Go මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනු ලබන Android පරිශීලකයන් හට ඉතාමත් වැදගත් වන core app එකක් බවට පත් වනු නොඅනුමානය.

ප්‍රධාන වශයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ජීවත් වන Android පරිශීලකයින් ඉලක්ක කරගනිමින් මෙය නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර Android 8.1 Oreo හෝ ඊට පසුව නිකුත් වූ Android සංස්කරණයක් හිමි නම්, ‍Google Play Store හරහා මේ Gallery Go app එක download කරගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, The Verge වෙබ් අඩවිය හා Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.