iOS 14 version එකත් සමඟ Apple Music සඳහා නව විශේෂාංග කිහිපයක්ම හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කළ අතර, මීට පෙර Android සඳහා වන Apple Music 3.4 beta version එක හරහා autoplay පහසුකමක්, නව search experience එකක්, නවීකරණය කරන ලද Now Playing interface එකක් ද හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා.

මෙම පහසුකම් කිහිපයට අමතරව, Android devices භාවිතා කරන බොහොමයක් Apple Music පරිශීලකයන් බලාපොරොත්තුවෙන් සිටි crossfade පහසුකම ද Apple Music වෙත එකතු කිරීමට Apple සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.

Apple Music app එකෙහි settings page එකෙහි Playback section එකෙහි ඇති crossfade toggle එක සක්‍රිය කිරීමෙන් පසුව, ගීත overlap කිරීමට සහ crossfade කිරීමට හැකියාව ලබාදෙන අතර crossfade විශේෂාංගයෙහි කාලසීමාව customize කිරීමටද පරිශීලකයන් හට අවස්ථාව ලබාදී තිබෙනවා.

එමෙන්ම crossfade duration එක තත්පර 12 ක් වන උපරිම කාලසීමාව දක්වා default ලෙස පැමිණෙන බව දැකගැනීමට පුළුවන්.

මෙම නව විශේෂාංගය තවමත් ලබා දී ඇත්තේ Apple Music beta පරිශීලකයන් සඳහා පමණක් වන අතර ඔබටත් Apple Music වෙත crossfade පහසුකම සක්‍රීය කර ගැනීමට අවශ්‍ය නම් මෙම link එක හරහා Apple Music beta program එකට සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා.

මීට අමතරව අවශ්‍යය නම් APK Mirror වෙබ් අඩවිය හරහා ද මෙම සංස්කරණයේ apk එක ලබාගැනීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, ඉදිරියේදී මෙම පහසුකම සියලුම Apple Music පරිශීලකයන් වෙත ලබා දීමට Apple සමාගම කටයුතු කරනු ඇත.

Apple Music - Apps on Google Play
Apple Music gives you unlimited access to millions of songs and your entire Apple Music library. All ad-free and available right from your Android device, iPhone, iPad, or Mac or PC. Try it today. There’s no commitment — cancel anytime. • Stream over 60 million songs from the Apple Music catalog. …
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.