ඊයේ දිනයේ පැවැති Apple Spring Loaded event එක අතරතුරදී එළිදැක්වීමට කටයුතු කළ devices අතරින්, M1 chipset එක මගින් බළගැන්වෙනු ලැබෙන්නේ iMac පරිගණකය පමණක් නොවන අතර, මේ Apple M1 chipset එක හරහා බළගැන්වෙන iPad Pro මාදිලියක් එළිදැක්වීමට ද ඔවුන් කටයුතු කරනු ලැබුවා.

මෙලෙස අලුත් හඳුන්වාදෙනු ලැබූ iPad Pro එක පසුගිය වසරේ හඳුන්වාදුන් MacBook Air, MacBook Pro සහ Mac Mini මාදිලි වල අන්තර්ගත වූ cores 8කින් සමන්විත M1 processor මගින් ම බළගැන්වෙන අතර, මේ හරහා මෙවර iPad Pro එක පැරණි මාදිලියට වඩා performance අතින් ඉතාමත් ඉදිරියෙන් සිටින බව Apple සමාගම පෙන්වා දෙනවා.

පැරණි iPad Pro එකට වඩා 1,500 ගුණයක graphic performance boost එකක් මේ අලුත් iPad Pro එක සතුව ඇති අතර, වඩාත් වැඩිදියුණු කළ 16-core Apple Neural engine එකකින් සහ අලුත් image signal processor එකකින් ද මෙය සමන්විත වෙනවා.

එමෙන්ම මෙහි Wi-Fi පමණක් ඇති මාදිලිය වරක් charge කළ විට පැය 10ක් දක්වා ද, Wi-Fi සහ Cellular යන options ද්විත්වයම ඇති මාදිලිය පැය 9ක් දක්වා ද භාවිතා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

‍Connectivity අතින් ගත් කළ මේ අලුත් iPad Pro එක Thunderbolt 3 සහ USB 4 තාක්ෂණයන්ගෙන් මෙන්ම, millimeter-wave 5G තාක්ෂණයෙන්ද සමන්විත වන අතර, Apple සමාගම පෙන්වාදෙන පරිදි මෙම 5G පහසුකම හරහා 4Gbps දක්වා speed එකක් ලබාගැනීමට හැකියාව පවතිනවා.

මීට අමතරව මෙහි අන්තර්ගත වන front camera module එකේ ඇති TrueDepth camera system එක භාවිතා කර facial recognition හරහා device එක unlock කිරීමේ හැකියාව ලබාගත හැකි බවත්, ප්‍රධාන camera module එකේ ඇති ISP සහ LiDAR scanners හරහා වඩාත් හොඳ තත්ත්වයේ low-light images ලබාගැනීමේ හැකියාව ද ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම වැඩිදියුණු කරන ලද mini-LED display එකක් අඟල් 12.9 iPad Pro මාදිලියට අන්තර්ගත කර ඇති අතර මෙය Liquid Retina XDR යන නමින් හැඳින්වීමට Apple සමාගම කටයුතු කරනවා.

මෙම display එකෙහි විශේෂත්වය වන්නේ පැරණි display එකෙහි අන්තර්ගත වූ LED array වලට වඩා මෙහි අන්තර්ගත වන LED arrays 120 ගුණයකින් පමණ ප්‍රමාණයෙන් කුඩා වීම වන අතර, 1,000,000:1 ක contrast ratio එකක් එනම් Extreme Dynamic Range එකක් මෙම display එකට ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව Apple Pencil එක, Smart Keyboard Folio එක සහ Magic Keyboard එකට මෙම මාදිලි සහාය දක්වන අතර, PS5 සහ Xbox controllers භාවිතා කරමින් games play කිරීම සඳහා ද iPad Pro එක භාවිතා කළ හැකි වෙනවා.

සුපුරුදු පරිදි Apple සමාගම e-waste එක පිළිබඳව ද ඔවුන්ගේ අවධානය යොමු කර ඇති අතර මේ අනුව මෙම devices නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන ඇලුමිනියම් සඳහා 100%ක් ම recycled aluminum භාවිතා කරනු ලබන බවත්, speakers වලට සහ enclousre එකෙහි ඇති magnets සඳහා ද 100% recycled elements භාවිතා කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා.

අඟල් 11 iPad Pro (Wi-Fi) මාදිලිය ඇමෙරිකානු ඩොළර් $799ක් ලෙසත්, Wi-Fi + Cellular මාදිලිය $999ක් ලෙසත්, අඟල් 12 iPad Pro (Wi-Fi) මාදිලිය $1,099ක් ලෙසත්, Wi-Fi + Cellular මාදිලිය $1,299ක් ලෙසත් මිළ නියම කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.