Apple සමාගම සාමාන්‍ය වර්ෂයකදී events තුනක් හෝ හතරක් පවත්වනු ලබන අතර මේ වනවිට, Apple සමාගම ඔවුන්ගේ මීළඟ event එක අප්‍රේල් 20 වන අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 10:30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම, 'Spring Loaded' event එක කලින් පටිගත කරන ලද event එකක් වන අතර එය Apple වෙබ් අඩවියේ සහ YouTube channel එකෙහි live-stream කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ‘Spring Loaded’ event එකේදී බොහෝ විට AirTags මෙන්ම, පසුගිය මාස කිහිපය පුරාවට නිළ නොවන මූලාශ්‍ර වලින් වාර්තා වූ mini-LED display එකක් සහිත අඟල් 12.9 ක ipad pro එක, අඟල් 11 ක iPad Mini model එක සහ නව AirPods 3 ඇතුළු products කිහිපයක් එළිදැක්වණු ඇතැයි අපේක්ෂා කළ හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය සහ Macworld වෙබ් අඩවිය භාවිතා කළ හැක.