පසුගිය සැප්තැම්බර් මාසයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම iPhone මාදිලි වන iPhone XR, XS, සහ XS Max යන ජංගම දුරකථන හඳුන්වා දීමත් සමඟ iPhone X, iPhone SE සහ iPhone 6S යන මාදිලි නිෂ්පාදනය හා අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කළා මතක ඇති.

කොහොම නමුත් MacRumors වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි, Apple සමාගම විසින් ඔවුන්ගේ නිළ වෙබ් අඩවියේ Certified Refurbished කියන section එක හරහා iPhone SE කියන මාදිලිය නැවතත් අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ iPhone SE එක 2016 වර්ෂයේ මුලින්ම හඳුන්වාදෙනු ලැබූ අතර 32GB සහ 128GB යන මාදිලි වලින් මෙය ලබාගත හැකි වුණා. මීට කලින් මෙම ජංගම දුරකථනය අලෙවි කිරීමට කටයුතු කළ මිලට වඩා ඇමෙරිකානු ඩොලර් 100ක - 150ක පමණ ප්‍රමාණයකින් මිළ පහත දමා තිබෙන අතර space gray, rose gold, gold, සහ silver කියන වර්ණ වලින් මෙය ලබාගතහැකි වෙනවා.

කොහොම නමුත් මේ ආකාරයෙන් iPhone X හෝ iPhone 6S යන මාදිලි අලෙවි කිරීමට කටයුතු නොකරන අතර headphone jack එක සහිත මේ වන විට අලුතින් මිළදීගත හැකි එකම iPhone මාදිලිය ලෙස iPhone SE ජංගම දුරකථනය රැඳී පවතිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.