පසුගිය මාසයක වැනි කාලසීමාවක සිට Apple සමාගම ඔවුන්ගේ Refurbished devices අලෙවි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව දකින්නට ලැබුණා.

ඔන්න දැන්, ඔවුන්ගේ වෙබ් අඩවියේ කොටසක් ලෙස පැවති Online Refurbished Store එකට අලුත් පෙනුමක් එකතු කරන්නට Apple සමාගම කටයුතු කර තිබෙනවා. මේ අලුත් පෙනුමට ප්‍රමාණයෙන් විශාල images එකතු කිරීමට සහ categories එකතු කරමින් පහසුවෙන් අවශ්‍යය devices තෝරාගැනීමට හැකියාව ලබා දී තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගේ Refurbished products ද සාමාන්‍යය Apple product එකක quality එකෙන්ම ඇති බව ඇඟවීම පිණිස මේ අලුත් වෙබ් අඩවියට පිවිසෙන විටම විශාල notice එකක් දකින්නට ලැබෙනවා.

එමෙන්ම මොවුන් ප්‍රකාශ කරන ආකාරයට මේ Refurbished products සම්පූර්ණයෙන්ම අලුත් device එකකට සමාන වන අතර battery එක හා පිටත shell එක මේ සෑම device එකකටම අලුතින් එකතු කරනවා. එමෙන්ම මේ  සෑම device එකක්ම අවුරුද්දක වගකීම් කාලයකට සුදුසුකම් ලබනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හරහා සම්පූර්ණයෙන්ම පාහේ අලුත් device එකක් මිළදීගන්නා ගමන්ම සාමාන්‍යය device එකට වඩා 15%ක පමණ මිළ අඩු කිරීමක් ද ලබා ගතහැකි බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5mac වෙබ් අඩවිය හා නිළ Apple වෙබ් අඩවිය භාවිතා කළ හැක.