Amazon සමාගම මේ වන විට ලොව වටිනාකමින් වැඩිම සමාගම බවට පත් වෙලා තියනවා වගේම, මේ වන විට එයට අයත් stores එහෙමත් නැතිනම් warehouse වල රොබෝවරුන් 100,000ක් පමණ සේවය කරන බව වාර්ථා වෙනවා.

ඉතින් මේ තරම් රොබෝවරුන් වැඩ කරන ස්ථානයක සේවය කරන පුද්ගලයන් හා රොබෝවරුන් අතර සම්බන්ධතාවය පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් අංගයක් වෙනවා. විශේෂයෙන්ම රොබෝවරුන් ගමන් කරන විට මිනිසුන් ඒ මැදින් ගමන් කළහොත් සිදුවිය හැකි අනතුරු ආදිය වලක්වාගතයුතු වෙනවා.

ඉතින් මේ සඳහා Amazon සමාගම විසින් තම මිනිස් සේවකයන් සඳහා පැළඳිය හැකි belt එකක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙන අතර මේ belt එක පැළඳ සිටින විට ඒ හරහා නිකුත් වන සංඥා භාවිතායෙන් අවට සිටින රොබෝවරුන් හට අදාල ස්ථානයේ මිනිසෙකු සිටින බව දැනගන්නට හැකියාව ලැබෙනවා.

මෙය බොහෝ විට ප්‍රයෝජනවත් වෙන්නේ යම්කිසි රොබෝවරයෙකු අකර්මන්‍යය, එහෙමත් නැතිනම් මොකක්හරි දෝෂයක් හටගත් විට එය අලුත්වැඩියා කිරීම සඳහා එයට ඇතුලු වන සේවකයන් හට බව ඔවුන් පෙන්වා දෙනවා.

එම අලුත්වැඩියා කිරීම සිදුකරනු ලබන අතරතුර අවටින් ගමන් කරන රොබෝවරුන් මෙම කාර්මික ශිල්පීන්ගේ ශරීර ‍වල නොගැටී ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මේ අලුතින් හඳුන්වා දුන් belt එක උපකාරී වන බව දැනගන්නට ලැබෙනවා.

මීට කලින් මෙවැනි අලුත්වැඩියා කිරීමක් සිදු කිරීමේදී ඊට අදාල කොටස mark කර, ඒ හරහා රොබෝවරුන් ගමන් කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කලත්, ඒ අනුව අදාල warehouse එකේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම වාගේ අඩාල වන බව ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම නමුත් මේ අලුත් belt එක භාවිතා කරමින් ඕනෑම අවස්ථාවක මේ warehouse තුලට පිවිසෙන ඕනෑම කෙනෙකුගේ ආරක්ෂාව තහවුරු වන බව වැඩිදුරටත් Amazon සමාගම ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.