ඇපල් සමාගම ඔවුන්ගේ අලුත්ම smartphone මාලිදි කිහිපය වන iPhone XS, XS Max හා XR යන ජංගම දුරකථන පසුගිය දිනක ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කළා.

මීට පෙර නිකුත් වූ S මාදිලි වලට අයත් වන phones වල පරිදිම මෙම smartphones වල ලොකුම වෙනස වන්නේ performance වල ඇති වැඩිදියුණුවයි. Display එකේ ගුණාත්මක බව වැඩිවීම, කැමරා වල performance වැඩි වීම මෙන්ම පිටත පෙනුමට ද ඉස්සරට වඩා ලස්සනක් එකතු කරන්නත් ඇපල් සමාගම අමතක කරල නැහැ.

මේ iPhone XS Max කියන අඟල් 6.5ක අලුත් iPhone එක ලෝකයේ තියෙන ලොකුම smartphones වලින් එකක් බවට මේ අනුව පත් වෙනවා. ඒ වගේම මේ ප්‍රධාන iPhone දෙකේම screen ratio එක එහෙම නැත්තම් screen එකේ දිග : පළල අනුපාතය වැඩි වෙලා තියෙනවා.

තවද මේ phones වල කැමරා පද්ධතිය අලුත්ම ක්‍රමයකට සැළසුම් කරලා තියෙනවා කියලයි සදහන් වෙන්නේ. Wide angle ඡායාරූප ගැනීමට, මඳ අඳුරේ ඡායාරූප ගැනීමට, මෙන්ම වඩාත් පැහැදිලි selfie ගැනීමට පාරිභෝගිකයාට මේ මගින් අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම තවත් ලොකු වෙනසක් වෙන්නේ ඇපල් සමාගම මේ වෙනකම් කවදාවත් ලබා දුන්නේ නැති අංගයක්. ඒ තමයි dual-sim භාවිතය, හැබැයි මේක අපි දන්න විදිහට සිම් දෙකක් පාවිච්චි කරලා තියෙන dual-sim ක්‍රමයක් නම් නෙමෙයි. මේ dual-sim පහසුකම ලැබෙන්නේ සාමාන්‍යය සිම් එක සහ එහි අන්තර්ගතව එන ඇපල් eSim එක මගිනුයි. එතකොට ඒ eSim එක අපි අපිට අවශ්‍ය දුරකතන සේවා සපයන්නෙක් සමග register කරගන්න පුලුවන්.

  • Processor එක:
    මේ අළුත් iPhone ත්‍රිත්වයෙහිම අන්තර්ගත වෙන්නේ ඔවුන්ගේ අළුත්ම chip එක වන A12 Bionic processor එක වන අතර මෙය 7nm ප්‍රමාණයේ එකක් බව ඔවුන් පවසනවා. මේ අළුත් chip එක සමඟින් පසුගිය iPhone X එකට 15% කට පමණ වැඩි වේගයක් ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

    මෙහි අන්තර්ගත වන GPU එක හරහා පැරණි මාදිලියට වඩා 50% ක වේගයක් ලබා ගත හැකි වෙනවා. මීට අමතරව cores 8 කින් බලය ලබන, තත්පරයක් ඇතුලතදී AI task ට්‍රිලියන 5ක් හැසිරවිය හැකි Neural Engine එකකින්ද මෙය සමන්විත වෙනවා.
  • ප්‍රධාන Camera පද්ධතිය:
    iPhone XR එකට telephoto/zoom lens එකක් අන්තර්ගත නොවුනත් අනෙකුත් මාදිලි දෙකටම ඇතුලත් කරනු ලැබූ megapixel 12 කින් යුතු camera module එක ඒ ආකාරයෙන්ම අන්තර්ගත කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම මේ අළුත් camera module එක හරහා මම කලින් සඳහන් කළ පරිදි අඩු ආලෝක තත්ත්වයක් යටතේදී පැහැදිලි දසුන් ලබාගතහැකි බවත් Smart HDR හරහා ඉතාමත් හොඳ තත්ත්වයේ ඡායාරූප ලබාගැනීමට හැකියාව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

    මීට අමතරව මේ අළුත් camera එක හරහා චලනය වෙමින් පවතින වස්තුවක ඡායාරූපයක් ලබා ගන්නා විට එය හොඳ තත්ත්වයෙන් ලබාගත හැකි බවත් 4K videos තත්ත්පරයට රූපරාමු 60ක වේගයෙන් ලබා ගැනීමට මෙන්ම 1080p slo-mo videos තත්ත්පරයට රූපරාමු 240ක වේගයකින් ලබාගත හැකි බවත් වැඩිදුරටත් Apple සමාගම විසින් පෙන්වා දුන්නා.
  • ඉදිරිපස TrueDepth camera එක:
    මෙවර නිකුත් කළ iPhone තුනටම එකම වර්ගයේ ඉදිරිපස camera module එකක් ඇතුලත් කිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර Selfie, Face ID, Animoji සහ Memoji සඳහා මේ megapixel 7ක camera module එක භාවිතා කළ හැකි වෙනවා.
  • වැඩිදියුණු කරන ලද Face ID පද්ධතිය:
    Apple ආයතනය විසින් ප්‍රකාශ කරන අන්දමට මේ අළුත් iPhone මාදිලි 3ට ම ඔවුන්ගේ වැඩි දියුණු කරන ලද Face ID පද්ධතියන් ඇතුලත් කර තිබෙනවා. මේ ගැන වැඩි විස්තරයක් දැනගැනීමට ලැබෙන්නේ නැතත්, මෙම පද්ධතිය ආරක්ෂාව හා මුහුණ scan කිරීමේ algorithm වල වැඩිදියුණු කිරීම් සිදු කර ඇති බව ඔවන් ප්‍රකාශ කරනවා.
  • Wireless Charging:
    ‍Apple සමාගම පවසන අන්දමට 2018 වර්ෂයේදී නිකුත් කරන ලද ඔවුන්‍ෙගේ සියළුම iPhones Qi Charging වලට සහාය දක්වනවා.
  • Stereo audio record කිරීමේ හැකියාව:
    මෙම මාදිලි තුනට ම microphone 4 බැගින් අන්තර්ගත කර ඇති අතර ඒ හරහා audio record කරන විට මෙන්ම video record කරනු ලබන අවස්ථා වලදී අදාල audio record කිරීමට stereo ආකාරයෙන් සිදු කළ හැකි වෙනවා.

මීට අමතරව මේ කිසිඳු මාදිලියක headphone jack එක ඇතුලත් නොවන අතර 5W slow charger එකක් තමයි ලබා දෙන බව දැනගන්නට ලැබෙන්නේ. ඉතින් මේ අලුත්ම iPhones දෙක ගැන ඉදිරියේදී මොන මොන ආරංචි ලැබේවිද කියලා අපි බලමු.