2019 වර්ෂයේ වාර්ථා වූ ප්‍රථම මෙන්ම විශාලතම data breach එක, එහෙමත් නැතිනම් අනවසරයෙන් දත්ත පිට කිරීම පිළිබඳව මේ වන විට වාර්ථා වෙනවා.

මේ දත්ත පිටවීම හරහා ලොව පුරා විවිධ පුද්ගලයන්ගේ email ලිපින මිලියන 773ක් (772,904,991) මෙන්ම ඒවාට අදාල passwords මිලියන 21ක් (21,222,975) පමණ පිටවී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ දත්ත මුදාහැරීම පිළිබඳව මුල් වරට කරුණු අනාවරණය කිරීමට කටයුතු කර තිබෙන්නේ HaveIBeenPawned වෙබ් අඩවිය පවත්වාගෙන යන security researcher කෙනෙකු වන Troy Hunt විසින් වන අතර මෙම දත්ත ඇතුලත් files 12,000ක් පමණ දැනට සොයාගෙන ඇති අතර මේවායේ ප්‍රමාණය 87GB පමණ වන බව වාර්ථා වෙනවා.

විවිධ වෙබ් අඩවි වල database 2,000ක පමණ දත්ත මෙයට ඇතුලත් වන අතර ප්‍රසිද්ධ hacking forum එකකදී මීට අදාල හැකර්වරයා විසින් මෙම දත්ත මුදාහැරීම සිදු කර තිබෙනවා.

එමෙන්ම මෙම දත්ත මුදාහැරීම පළමු පියවර පමණක් වන බවත් තවත් 1TB පමණ දත්ත ප්‍රමාණයක් මෙලෙස මුදාහැරීමට නියමිතව තිබෙන බවත් මෙම දත්ත නිකුත් කිරීමට කටයුතු කළ හැකර්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔයාගේ email address එකත් මේ විදිහට hack වෙලා තියනවාද කියලා දැනගන්න

ඉතින් ඔයාගේ email address එක සහ password එකත් මේ අතර තියනවාද කියලා දැනගන්න පුළුවන් විදිහක් ගැන අපි මීට කලින් උඩ සඳහන් කරලා තියන ලිපියේ කතා කරලා තියනවා.

පෞද්ගලිකව මගේ email සහ password එකත් මේ අතර තියන බවට මට email පණිවිඩයක් මගින් දැනුම් දීමට HaveIBeenPawned වෙබ් අඩවිය කටයුතු කර තිබුණා. 😭

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ TroyHunt වෙබ් අඩවිය, Softpedia වෙබ් අඩවිය හා Gizmodo වෙබ් අඩවිය භාවිතා කළ හැක.