ඉතිහාසයේ පලමු වතාවට Twitter හරහා Apple Event එකක් Live නැරඹීමේ හැකියාව ලබාදුන් බවට පසුගිය ලිපියක් මගින් අප ඔබව දැනුවත් කලා මතක ඇති.

ඉතිහාසයේ පලමු වතාවට Twitter හරහා Apple Event එකක් live නැරඹීමේ හැකියාව ලබාදෙයි
ඔයාලට මතක ඇති අපි මීළඟ Apple Event එක[/how-to-watch-apples-sept-12-iphone-event/] ගැන මීට පෙර ලිපියකින් ඔබව දැනුවත්කරන්නට කටයුතු කළා. ඒ අනුව ඔන්න අද රාත්‍රී 10:30 වන විට ඔවුන්ගේ මේ hardware event එක ආරම්භ වීමටනියමිත අතර එය සජීවීම නැරඹීමට හැකියාව ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. අැපල් සමාගම කි…

ඔන්න දැන් මෙවර iPhone 11 එක වෙනුවෙන් පැවැත්වීමට නියමිත event එක YouTube හරහා සජීවීව නැරඹීමට අවස්ථාව ලබාදීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

2018 වසරේදී Twitter හරහා Apple Event එකක් Live නැරඹීමට හැකියාව ලබා දුන් නමුත් ඊට පෙර Apple සමාගමේ launching event එකක සජීව විකාශනය නැරඹීමට අවස්ථාව ලැබුණේ apple website එක හරහා ඉතා සීමිත පිරිසකට පමණයි.

කෙසේ වෙතත් මෙවර Apple website එකට සහ Twitter එකට සීමා නොවී, ඕනෑම device එකකින් YouTube හරහා Live බලන්න හැකියාව ලැබෙන අතර මෙය September 10 වෙනිදා එනම් අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10:30 සිට විකාශය වීමට නියමිතයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.