iPhone භාවිතා කරන්නන් හට Credit card එකක් ලබා දීමට Apple සමාගම සූදානම් වන බව පසුගිය පෙබරවාරි මස අපි ඔබව දැනුවත් කළ අතර, මාර්තු මාසයේ පැවති WWDC event එක අතරතුරදී ඒ බව සනාථ කිරීමට Apple සමාගම කටයුතු කළා මතක ඇති.

Apple සමාගම, Goldman Sachs සහ Mastercard යන ආයතන සමඟින් එකතු වී මේ පහසුකම ලබාදීමට කටයුතු කරනු ලබන අතර මීළඟ අගෝස්තු මාසයේ මුල් භාගයේදී මේ පහසුකම ලබාදීමට මොවුන් සූදානමින් සිටින බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ අනුව Wallet app එක හරහා මේ අලුත් Card එක භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇති අතර, මේ සඳහා අදාල iPhone ජංගම දුරකථනයේ iOS 12.4 සංස්කරණය ස්ථාපනය කර තිබිය යුතු වෙනවා.

විශේෂයෙන්ම සාමාන්‍යය Credit card එකක් ලබාගත් විට ගෙවීමට සිදු වන annual fee එක, late fee එක හෝ over limit fee එක වැනි ගාස්තු මේ Apple Card එකට අදාල නොවන අතර මේ අනුව මෙම Card එක සඳහා කිසිඳු ගාස්තුවක් අය කිරීමට Apple සමාගම කටයුතු නොකරන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.