පසුගිය වසර කිහිපය තුළ ස්මාර්ට්ෆෝන් ව්‍යාපාරයේ පුළුල් ජනප්‍රියත්වයක් ලබා ගැනීමෙන් පසු, දැන් Xiaomi සමාගමේ උප සන්නාමය වන Redmi, Smart TV ලොවට පිවිසීමට සූදානම්ව සිටී.

Redmi brand name එක යටතේ අලුත් Smart TV දෙකක වැඩකටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව වාර්තා වන අතර ඉතාමත් ඉක්මනින් මේ Smart TV එළිදැක්වීමට Xiaomi සමාගම කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

කොහොම නමුත් Redmi Smart TV එළිදැක්වීමේ නිශ්චිත කාළසීමාවක් තවමත් අනාවරණය කර නොමැති අතර වාර්ථා වන පරිදි මූලිකව චීන වෙළඳපොල ඉලක්ක කර මෙම නවතම නිකුත් කිරීම් සිදුවනු ඇත.

මෙලෙස නිකුත් කිරීමට නියමිත Smart TV ද්විත්වය අතරින් එකක් (Model No: L70M5-RA) අඟල් 70ක 4K UHD තිරයක් සහිත එකක් වන අතර අනෙක (Model No: L40M5-FA) අඟල් 40ක 4K UHD තිරයකින් සමන්විත වෙනවා.

මෙහි මිළ ගණන් සිතාගත නොහැකි පරිදි අඩු ගණනක් වනු ඇති බව අනාවැකි පළ කෙරෙන අතර මේ වන විට වෙළඳපොලේ ඇති මිලෙන් අඩුම Smart TV වලින් එකක් වන  Mi TV වලට වඩා Redmi Samart TV  වඩා ලාභදායී විය හැකි බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා India Today වෙබ් අඩවිය හා Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.