ගත වු මාස කිහිපය තුල Huawei සමාගම පුවත් මවන මාතෘකාවක් බවට පත් වුණ බව ඔබට මතක ඇති.

ඔන්න දැන් 5G තාක්ෂණය සහිත ඔවුන්ගේ පළමුවැනි ජංගම දුරකථනය වන Huawei Mate 20 X 5G ජංගම දුරකථනය අද දින චීනයේ වෙළඳසැල් වලට ලබා දීමට නියමිත බව දැනගන්නට ලැබෙනවා.

පසුගිය ජුලි 22 වන දින ඉතාලියට අදාල Amazon වෙබ් අඩවිය හරහා මෙන්ම, ජුලි 12 වැනි දින සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි දී pre-order කිරීමේ හැකියාව ලබා දී තිබුණා. මීට අමතරව මීළඟ සති කිහිපය ඇතුලත එක්සත් රාජධානියෙහි අලෙවි කිරීමේ කටයුතු සිදු කිරීමට බළාපො‍රොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් Huawei සමාගම අද දින ප්‍රකාශ කර තිබෙනවා.

Huawei Mate 20 X 5G ජංගම දුරකථනය අඟල් 7.2 ක තිරයක් සහ පසුපස කැමරා ත්‍රිත්වයක් අන්තර්ගත වන අතර බාහිරව දැනට පවතින Mate 20 X ජංගම දුරකථනයට බෙහෙවින් සමාන පෙනුමකට හිමිකම් කියනවා.

මෙම ජංගම දුරකථනයට Balong 5000, එහෙමත් නැතිනම් 7nm තාක්ෂණය යටතේ නිෂ්පාදනය කරනු ලබන Huawei සමාගමේ ප්‍රථම 5G modem chip එක අන්තර්ගත වන අතර මීට අමතරව එහි RAM ප්‍රමාණය 6GB සිට 8GB දක්වා ද, එහි  ROM එක 128GB සිට 256GB දක්වා ද වැඩිදියුණු කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Huawei වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය, හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.