Android TV යනු smart TV සඳහා Google සමාගම විසින් හදුන්වා දී ඇති platform එක වන අතර මේ වන විට Google සමාගම විසින් Android TV වෙත Android 11 Developer Preview එක නිකුත් කර තිබෙනවා.

Google සමාගම පෙන්වා දෙන පරිදි මේ Android TV භාවිතා කරනු ලබන පරිශීලකයින් සංඛ්‍යාව පසුගිය වසරට වඩා 80%කින් පමණ මෙම වසරේදී වැඩි වී ඇති අතර, මේ වන විට ලොව හොඳම Smart TV නිෂ්පාදකයින් 10ගෙන් 7 දෙනෙකුම Android TV මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනු ලබන බවත් වාර්ථා වෙනවා.

එමෙන්ම මේ වන විට Android TV පරිශීලකයින් හට භාවිතා කිරීම සඳහ‍ා apps 7,000ක් පමණ Google Play Store එකට ඇතුලත් කර ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඔවුන්ගේ නිළ Android Blog අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් අලුතින් Android TV වලට එකතු වන පහසුකම් පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙන අතර, මෙම විශේෂාංග බොහොමයක් පැරණි Android TV සංස්කරණ (Android 9 සහ Android 10) සඳහා ද ලබාදීමට ද සූදානම් බව වාර්තා වෙනවා.


Google Play Instant on TV

Google I/O 2016 event එක අතරතුරදී මුලින්ම එළිදක්වන ලන Android Instant Apps පහසුකම මේ Smart TV වලටත් ලබාදීමට මේ වන විට කටයුතු කර ඇති අතර මේ හරහා පරිශීලකයින් හට apps install කිරීමෙන් තොරව try කර බැලීමේ හැකියාව ලැබෙනවා.

විශේෂයෙන්ම smartphones සමඟ සසඳන විට Smart TV සඳහා සාමාන්‍යයෙන් ඇත්තේ සීමිත storage එකක් වන බැවින් මෙම පහසුකම ඉතාමත් ප්‍රයෝජනවත් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.


Android TV Emulator with Play Store support

මේ දක්වා ලබාදී තිබුණු Android TV Emulator එක Google Play සඳහා සහාය නොදැක්වූ නමුත්, ‍මේ වන විට ඒ සඳහා Google Play Store එක ඇතුළුව Google Play Services එකතු කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ හරහා app develop කරන්නන් හට සැබෑ TV එකක් වෙනුවට මේ emulator එක භාවිතා කරමින් තමන්ගේ apps පහසුවෙන් පරීක්ෂා කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

The Android TV emulator now supports Google Play, so you cantest subscriptions faster through the emulator instead of testing on real devices.


PIN Code Purchases

Google Play හරහා යම්කිසි මිලදීගැනීමක් සිදු කරන්නේ නම්, ඒ සඳහා Google Account එකේ password එක ඇතුලත් කිරීම මීට පෙර අනිවාර්යය වූ නමුත්, දැන් ඒ සඳහා PIN code එකක් පමණක් ඇතුලත් කර අදාල මිලදීගැනීම සිදු කිරීමේ හැකියාව ලබාදීමට මොවුන් කටයුතු කර තිබෙනවා.


Gboard TV

Android TV සඳහා ලබාදෙනු ලබන Gboard app එක සඳහා speech-to-text සහ predictive typing යන පහසුකම් ඇතුළුව තවත් පහසුකම් කිහිපයක් අන්තරගත කිරීමට කටයුතු කර ඇති අතර මේ සඳහා නව layout කිහිපයක් ද ලබාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

View post on imgur.com

Auto Low Latency Mode

ඔබ TV එක භාවිතා කරමින් game එකක් play කිරීම වැනි කටයුත්තක් සිදු කරනු ලබන විට TV එකේ latancy එක ඉතාමත් වැදගත් වන බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

මේ අලුත් update එක හරහා මෙවැනි කටයුත්තක් සිදු කරනු ලබන විට TV එකේදී සිදු වන post processing කටයුතු නවත්වා, auto low latency mode එක හෝ game mode එක enable කරගැනීමේ හැකියාව ලබාදීමට ද Google සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම පහසුකම gaming සහ video conferencing applications සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන නමුත් මේ පහසුකම Android 11 වලට අදාල Android TV සංස්කරණයට පමණක් සීමා වනු ඇති බවත්, TV නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ නිෂ්පාදන වලට මෙය ඇතුලත් කළ යුතු බවත් Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පෙර සඳහන් කළ පරිදි Android 11 වලට පමණක් සුවිශේෂී අංගයක් වන්නේ Auto Low Latency Mode එක පමණක් වන අතර, Android 9 මත පදනම් වූ Android TV සහ Android 10 මත පදනම් වූ Android TV සංස්කරණ සඳහා මෙහි සඳහන් අනෙකුත් විශේෂාංග ලබාදීමට Google සමාගම කටයුතු සූදානමින් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ Android Developers blog අඩවිය භාවිතා කළ හැක.