Android පළමු සංස්කරණයේ සිට එහි 9 වන සංස්කරණය දක්වාම පැමිණි Android සංස්කරණ පැමිණියේ කුමක් හෝ අතුරුපසක් හෝ රසකැවිල්ලක් හඳුන්වන නමකින් බව ඔබ දන්නවා ඇති.

ඉංග්‍රීසි හෝඩියේ අකුරු තිබෙන පිළිවෙළ අනුව මෙලෙස නම් ලබා දීම සිදු වූ අතර මේ අනුව නවතම Android 11 සංස්කරණය සඳහා 'R' අකුරෙන් ආරම්භ වන නමක් ලබා දීම කලයුතු වනවා.

නමුත් මෙලෙස නම් වලින් පමණක් හැඳින්වීම නිසා අලුත් සංස්කරණය කුමක්ද පරණ සංස්කරණය කුමක්ද යන්න පිළිබඳව පැටලිලි සහගත තත්ත්වයක් ඇතිවීම සිදු වුණා.

මේ හේතුව නිසාවෙන් Android 10 සංස්කරණයේ සිට මෙලෙස Android සංස්කරණ වලට නම් ලබාදීම වෙනුවට සරළව අදාල සංස්කරණයේ අංකය ලබාදීමට කටයුතු කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා.

අතුරුපස වල නම් වලින් හැඳින්වීමේ සංස්කෘතිය නිමා කරමින් Android Q - Android 10 ලෙස නම් කිරීමට කටයුතු කරයි
Android [https://en.wikipedia.org/wiki/Android_(operating_system)] වල ආරම්භයේපටන්ම සාම්ප්‍රදායක් ලෙස ඉංග්‍රීසි හෝඩියේ අකුරු තිබෙන පිළිවෙලට සෑම Androidසංස්කරණයක් හැඳින්වීම සඳහාම අතුරුපසක නමක් යොදාගැනීමට කටයුතු කළ බව අපි හැමෝම දන්නකාරණයක්. කොහොම වුණත් Android Q[https://en.wikipedia.org/wiki/Android_10_…

කොහොම නමුත් බොහෝ දෙනා නොදන්නවා වුවත් මේ Android 10, එහෙමත් නැතිනම් Android Q සංස්කරණයටත් internal codename එකක් ලෙස 'Quince Tart' යන නම තවමත් භාවිතා කරනු ලබන අතර, මීළඟට නිකුත්වීමට නියමිත Android 11 සංස්කරණයට ද මේ ආකාර‍යේ internal codename එකක් ඇති බව Android හි උප සභාපතිවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව Android 11, 'Red Velvet Cake' ලෙස හඳුන්වනු හඳුන්වනු ඇති බව All about Android යන Podcast එක අතරතුරදී ඔහු අනාවරණය කර තිබෙනවා.

කෙසේ වුවත් එය නිල වශයෙන් හෝ පොදු වෙළඳ නාමයක් ලෙස භාවිතා නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන අතර ඒ අනුව සුපුරුදු ලෙස සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම උදෙසා පමණක් මෙලෙස Android සංස්කරණ සඳහා නම් ලබාදීම සිදු කරනු ලබන බව අනුමාන කළ හැකි වෙනවා.

Android 11 stable සංස්කරණය මීළඟ සැප්තැම්බර් 8 වැනි දින එළිදැක්වීමට Google සමාගම සූදානම් වන ලකුණු
Android 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මාර්ගයේ විවිධ විශේෂඅවස්ථා පිළිබඳව මීට පෙර අපි ඔබව ලිපි කිහිපයකින් ම දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති. Google Pixel සහ OnePlus ජංගම දුරකථන සඳහා Android 11 Beta 1 සංස්කරණය නිකුත්කිරීමට කටයුතු කරයිපසුගිය ජුලි 3 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට සූ…

එමෙන්ම මෙම වසරේදී නිකුත්වීමට නියමිත වන්නේ Android 11 වන අතර එය සැප්තැම්බර් මාසයේදී නිකුත් කරනු ඇතැයි ඇඟවෙන පුවතක් සම්බන්ධයෙන් මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කරනු ලැබූ බව ඔබට මතක ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.