සෑම ප්‍රධාන Android මෙහෙයුම් පද්ධතියක්ම නිකුත් කිරීමෙන් අනතුරුව එහි Go Edition එක නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරන අතර එහි අරමුණ නම් RAM ධාරිතාවය 1GB හෝ ඊට අඩු Entry-level ජංගම දුරකථන වල ප්‍රධාන Android සංස්කරණය ලබාදුනහොත් ඒවායේ ඇතිවන lag වීම් stuck වීම් ආදී ගැටළු වලට විසඳුමක් ලබාදීමයි.

Android 10 Go Edition එකට අලුත් Encryption ක්‍රමයක් එකතු කිරීමට Google සමාගම කටයුතු කරයි
Ultra low-end, එහෙමත් නැතිනම් අඩුම performance ඇති smartphone සඳහා optimize කරනලද මෙහෙයුම් පද්ධතියක් වශයෙන් Android Oreo වල සිට හඳුන්වාදීමට කටයුතු කර AndroidGo මෙහෙයුම් පද්ධතියේ අලුත් සංස්කරණය වන Android 10 Go Edition එක[https://www.android.com/versions/go-edition/] මේ වන විට නිකුත් කිරීමට Google…

මීට පෙර ලිපි කිහිපයකින්ම අපි මේ පිළිබඳව ඔබව දැනුවත් කර තිබෙන අතර නවතම තොරතුරු අනුව Android 11 සංස්කරණයේ Go Edition එකද entry-level උපාංග සඳහා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

Entry level ජංගම දුරකථන 200 කට Android Pie Go Edition එක ලබා දීමට Google සමාගම අදහස් කරයි
Android Pie [https://www.android.com/versions/pie-9-0/] නිකුත් වී තවමත් වැඩිකාලයක් ගත වුණේ නැති වුණත්, Google සමාගම විසින් මේ අළුත් OS එක entry level phonesවලට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ඔවුන් පසුගිය සතියේ ප්‍රකාශ කරනු ලැබුවා. මේ වන විට ලොව පුරා රටවල් 120ක දුරකථන වර්ග 200ක් පමණ Android Go[…

මෙහි විශේෂත්වය නම් මෙවර 2GB හෝ ඊට අඩු RAM සහිත උපාංග වලටද සහය වන ලෙස Android 11 Go Edition එක optimize කර තිබීම වන අතර මේ නිසා කලින් Go Edition වලට වඩා හොඳ smooth Android experience එකක් මෙම නව Go Edition එක හරහා ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

Android (Go edition) | Android
Android (Go edition) brings the best of Android to smartphones with less than 2 GB of RAM. Because it’s designed to run lighter and faster, with security built-in. With more developers building apps for entry-level devices, discover the OS that’s connecting more people.

ප්‍රධාන Android 11 සංස්කරණය හා සමානවම මෙම Go Edition එකද performance improvements හා අලුත් privacy features සඳහා මූලිකත්වය දෙමින් නිර්මාණය කර ඇති අතර එය Android 10 Go Edition එකට වඩා 20% ක පමණ ප්‍රමාණයකින් app launch time එක අඩු කර ඇති බව ද Google සමාගම පෙන්වා දෙනවා.

Android 11 හි දී ලබා දුන් සියලුම privacy features ද මෙම Go Edition එක සමග ලැබෙනු ඇති අතර ඒ අනුව One-time permission සහ permission auto-reset ආදී option මෙම Go Edition එකේදීද ලැබෙනු ඇති.

මෙම option පිළිබඳව විස්තරාත්මක තොරතුරු ඔබට පහත ලිපිය කියවීමෙන් දැනගත හැකි වෙනු ඇති.

Android 11 වල stable සංස්කරණය නිළ වශයෙන් Pixel ජංගම දුරකථන සඳහා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරයි
Android 11 යනු Google Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන අතර මේ පිළිබඳවමීට පෙර ලිපි කිහිපයකින් ම අපි ඔබව දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති. Android 11 stable සංස්කරණය මීළඟ සැප්තැම්බර් 8 වැනි දින එළිදැක්වීමට Google සමාගමසූදානම් වන ලකුණුAndroid 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මා…

ලබන මාසය පමණ වනවිට මෙම නව Go Edition එක නිකුත් කිරීමට Google සමාගම සූදානමින් සිටින අතර, Google සමාගම විසින් කලින් සඳහන් කල පරිදි 2GB වලට වඩා අඩු RAM සහිත දුරකථන වල අනිවාර්යයෙන්ම Android Go සංස්කරණයන් ධාවනය කලයුතු වෙනවා.

මේ අනුව මෙම category එකට ඇතුළත් වන ජංගම දුරකථන වලට ඉදිරියේදී Android 11 Go Edition එක ලැබෙනු ඇති බව අනුමාන කල හැකි නමුත්, දුරකථන නිශ්පාදකයින් විසින් තවම මේ පිළිබඳව නිවේදනය කර නැති නිසා එම Devices හා Brand මොනවාද යන්න පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.