Android 11 යනු Google Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන අතර මේ පිළිබඳව මීට පෙර ලිපි කිහිපයකින් ම අපි ඔබව දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති.

Android 11 stable සංස්කරණය මීළඟ සැප්තැම්බර් 8 වැනි දින එළිදැක්වීමට Google සමාගම සූදානම් වන ලකුණු
Android 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මාර්ගයේ විවිධ විශේෂඅවස්ථා පිළිබඳව මීට පෙර අපි ඔබව ලිපි කිහිපයකින් ම දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති. Google Pixel සහ OnePlus ජංගම දුරකථන සඳහා Android 11 Beta 1 සංස්කරණය නිකුත්කිරීමට කටයුතු කරයිපසුගිය ජුලි 3 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට සූ…

මීට පෙර කිහිප අවස්ථාවකදීම මෙහි beta සංස්කරණ නිකුත් කිරීමට Google සමාගම කටයුතු කළ අතර, මේ වන විට මෙහි stable සංස්කරණයක් Pixel 1 ජංගම දුරකථනය හැර අනෙකුත් මාදිලි වන Pixel 2, Pixel 3, Pixel 3a, Pixel 4, සහ Pixel 4a යන ජංගම දුරකථන වලට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Android 11 සමග ලැබෙන නව පහසුකම් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී messaging සහ notifications වල වැඩිදියුණු කිරීම් සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනෙන්නට තිබෙන අතර, ඊට අමතරව Power menu එක සම්පූර්ණයෙන්ම re-design කිරීම හරහා එය long press කිරීමෙන්, එම අවස්ථාවේදී සම්බන්ධ වී ඇති smart devices ලැයිස්තුව හා NFC වැනි Payment option සඳහා Quick Access ලබාදීම වැනි පහසුකම් එකතු කොට තිබෙනවා.

Messaging apps සඳහා ලැබෙන notifications, notification bar එකේම separate section එකක පෙන්වනු ඇති අතර සියලුම Messaging app සඳහා Floating bubbles පහසුකම ද ලබා දී තිබෙනවා.

එමෙන්ම Pixel දුරකථන සඳහා මේ දක්වා 3rd party app වලින් පමණක් ලබා ගැනීමට හැකියාව තිබූ Screen Recording පහසුකම නව Android 11 සංස්කරණය සමඟ default option එකක් ලෙස ලැබෙනු ඇති අතර ඊට අමතරව නව Media Control පහසුකම ඔස්සේ Media player එකට අදාල notifications හරහා, ඔබ සම්බන්ධ වී ඇති Headphone, Phone Speakers වැනි audio output devices මෙන්ම Chromecast enabled devices අතර audio output එක පහසුවෙන් මාරු කරගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Privacy පැත්තෙන් ගත්කල, app සඳහා one-time access permissions හඳුන්වා දී තිබෙන අතර මේ හරහා ඔබට app permissions allow කිරීමෙන් පසු එය නැවතත් manually disable කිරිම අවශ්‍ය නොවන අතර, අදාල අවස්ථාවේදී පමණක් බළපැවැත්වෙන පරිදි permisssions ලබාදීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම යම් දීර්ඝ කාළසීමාවක් තිස්සේ යම් app එකක් භාවිතා නොකරන්නේ නම්, ස්වයංක්‍රීයවම එහි permissions අවලංගු කරන අතර එමඟින් background එකෙන් එම apps run වීම මඟින් පරිශීලක දත්ත access කිරීමේ හැකියාව ඒවාට අහිමි වනු ඇති.

මීට අමතරව Google විසින් Play Store හරහා ලබාදිය හැකි security and privacy updates ගණන වැඩි කිරීමට තීරණය කර ඇති අතර මේ හරහා සම්පූර්ණ OS එකම ලබා නොගෙන, අදාල security patches පමණක් app එකක් update කරන ආකාරයෙන් background එකෙන්ම update කිරීමට හැකියාව ලැබනවා.

එමෙන්ම Android Enterprise පරිශීලකයන් සඳහා, අලුත් Work Profile එකක් ලබා දී තිබෙන අතර මේ හරහා IT සහායකයින් හට ඔබේ පුද්ගලික තොරතුරු වලට ඇති ප්‍රවේශයන් අවහිර කර තිබෙනවා.

Android 11 | Android
Android 11 helps you get to what matters most on your phone. Faster controls that make routines easier. Features that help you stay in touch. And new ways to manage how apps access your info.

මීට අමතරව Screenshot සඳහා නව option ඇතුළු තවත් option රැසක් නව Android 11 සංස්කරණය හරහා Pixel පරිශීලකයන්ට ලැබෙනු ඇති අතර Pixel නොවන පරිශීලකයන්ට මෙම option මේ ආකාරයටම ලැබෙන බව අනුමාන කල නොහැකි වන්නේ ඔවුන් සඳහා pure Android පහසුකම ඔවුන්ගේ ජංගම දුරකථන නිෂ්පාදකයා හරහා නොලැබීමයි.

Google සමාගමට අමතරව OnePlus, Oppo, Realme සහ Xiaomi යන සමාගම් ද Android 11 සංස්කරණය සිය උපාංග කිහිපයක් වෙත නිකුත් කර ඇති නමුත් එය stable version එක නොවන බවත්, එය public beta සංස්කරණයක් පමණක් වනු ඇති බවත් වාර්තා වී තිබෙනවා. එම උපාංග නම්

කොහොම නමුත් අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදකයින් හට මේ Android 11 සංස්කරණය තම උපාංග සඳහා නිකුත් කිරීමට තව ටික කලක් ගත වනු ඇති බව අනුමාන කළ හැකි නමුත් ඒ සඳහා සැළසුම්ගත කළ කාළසීමාවක් පිළිබඳව තවමත් වාර්ථා වන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහ‍ා නිළ Android Blog එක සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.