Android Pie නිකුත් වී තවමත් වැඩි කාලයක් ගත වුණේ නැති වුණත්, Google සමාගම විසින් මේ අළුත් OS එක entry level phones වලට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ඔවුන් පසුගිය සතියේ ප්‍රකාශ කරනු ලැබුවා.

මේ වන විට ලොව පුරා රටවල් 120ක දුරකථන වර්ග 200ක් පමණ Android Go මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන අතර ඒ සියළුම දුරකථන සඳහා මේ අළුත් update එක ලබා දීමට Google සමාගම බළාපොරොත්තු වෙනවා.

Screen එක HD හෝ VGA වුණත්, Storage එක 4GB හෝ 8GB වුණත්, 4G හෝ 3G සහාය පමණක් තිබුණත්, මේ හැම device එකකටම ගැලපෙන විදිහට Android Go මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්නට ඔවුන් කටයුතු කර තිබෙන අතර ඩොලර් 30ක් වැනි අඩු මුදලකට මෙවැනි ජංගම දුරකථනයක් මිලදීගතහැකි බවත් Google සමාගම විසින් පෙන්වා දෙනවා.

මෙම වසර අවසාන වන විට ජංගම දුරකථන නිෂ්පාදකයින් 100 කට අධික පිරිසක් මේ Android Go Devices නිෂ්පාදනය කිරීම කෙරෙහි යොමු වන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ අලුත් Android Pie OS එකත් එක්ක Android Go Edition එකට පහත සඳහන් වෙන පහසුකම් එකතු වෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

Android-9-Pie-Go-Edition-tech-news-sri-lanka

  • System එක සඳහා ලබාගන්නා ඉඩ 500MB පමණ අඩු කරගත හැකි වීම
  • ජංගම දුරකථනය ඉක්මණින් on කරගැනීමට හැකියාව ලැබීම
  • Verified boot වැනි අළුත්ම ආරක්ෂිත උපක්‍රම ඇතුලත් වීම
  • දත්ත භාවිතා කිරීම පිළිබඳව වූ සම්පූර්ණ වාර්ථාවක් ලබාගතහැකි dashboard එකක් ඇතුලත් වීම

එමෙන්ම මේ වන විට Google සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධාන Android app වලින් බොහෝමයක් මේ Android Go මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය කර තිබෙනවා. ඒ අතරට Google Go, YouTube Go, Maps Go, Files Go, Assistant Go, Android Messages (Go Edition) එක ද අන්තර්ගත වෙනවා.