Smart උපාංග හරහා සිය සෞඛ්‍ය තොරතුරු දැන ගැනීම වර්තමානයේ ඉතා ජනප්‍රිය කටයුත්තක් වන අතර ඒ වෙනුවෙන්ම නිපදවන ලද විවිධ smart උපාංග ද වර්තමානයේ වෙළඳපොල තුළ දැකිය හැකි වෙනවා.

එමෙන්ම ජංගම දුරකථන වලට ඇතුළත් කොට ඇති Health app වලින්ද මේ හා සමාන කාර්යයක් සිදු කරන අතර Samsung Health, Mi Health වැනි Mobile apps හරහා ඔබට, ඔබගේ එදිනෙදා සෞඛ්‍ය පිළිබඳ බොහෝ තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ අතර දුරකථනයේ පිටුපස කැමරාව පමණක් භාවිතා කරමින් තමන්ගේ හෘද ස්පන්දනය මැනගැනීමට හැකියාව ලැබෙන නව පහසුකමක් සිය Mi Health app එක වෙත එකතු කිරීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙන බව මේ වන විට වාර්ථා වෙනවා.

XDA-Developers වෙබ් අඩවියට අනුව, මෙම Mi Health App එකේ v2.7.4 Version එක සදහා මෙම නව පහසුකම එකතු කර තිබෙන බව දැනගන්නට ලැබෙන අතර එමගින් ඔබට කැමරාව හැර වෙනත් අතිරේක Sensor හෝ Hardware කිසිවක් නොමැතිව ඔබේ හෘද ස්පන්දනය මැන ගැනීමට හැකියාව ලබා දෙනවා.

මෙහිදී කළ යුතු වන්නේ Mi Health app එකෙහි Heat Rate option එක open කර පහත රූපයේ දැක්වෙන පරිදි ඔබගේ ඇඟිල්ල කැමරා කාචයේ ස්පර්ශ කර තබා ගැනීම පමණක් වන අතර අදාළ process එක 100% දක්වා සම්පූර්ණ වනතුරු එලෙස ඇඟිල්ල තබාගෙන සිටිය යුතු වෙනවා.

අනතුරුව හෘද ස්පන්දනය ඇතුළු සියලුම තොරතුරු Mobile app එක හරහා පෙන්වීමට කටයුතු කරන අතර ඔබ Heart rate එක measure කරනු ලැබුවේ සාමාන්‍ය දිනයක දී ද, විවේක දිනයක දී ද නැතිනම් ව්‍යායාම් වලින් පසුව ද යන්න select කල පසු ඔබට ඊට අදාළව ඔබේ හෘද ස්පන්දනය කොපමණක්ද යන්න පෙන්වනු ලබනවා.

කෙසේ වුවත් ඔබ Xiaomi උපාංගයක හිමිකරුවෙකු නොවන්නේ නම්, ඔබට මෙම පහසුකම අත්විඳීම සඳහා APK එක install කිරීම හරහා app එක ලබා ගත යුතු අතර තවමත් මෙම Mi Heath app එක Google Play Store හරහා ලබා නොදීමට Xiaomi සමාගම කටයුතු කර තිබීම මෙයට හේතුව වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.