පසුගිය ජුලි 3 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට සූදානම් කර තිබුණු Android 11 beta 1 සංස්කරණය පසුගිය දින වල පැවති කළබලකාරී වාතාවරණය හේතුවෙන් නැවත වරක් කල් දැමීමට කටයුතු කළ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Android 11 Beta සංස්කරණය එළිදැක්වීම නැවත වරක් කල් දැමීමට Google සමාගම කටයුතු කරයි
Google සමාගම විසින් ඔවුන්ගේ Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android11 සංස්කරණයේ පළමුවැනි Beta සංස්කරණය එළිදැක්වීමට සැළසුම් කර තිබුණේ ජුනි මස 3 වැනිදින බව අපි මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති. කොහොම නමුත් පවතින වාතාවරණය හමුවේ මේ event එක නැවත වරක් කල් දැමීමට Google සමාගමකටයුතු කර ඇති …

ඉන් පසුව මෙම event එක සම්පූර්ණයෙන්ම අවලංගු කර දැමීමට Google සමාගම තීරණය කර තිබුණු අතර, සුපුරුදු පරිදි ඔවුන්ගේ Pixel ජංගම දුරකථන සඳහා Android 11 beta 1 සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

පසුගිය ජුනි 10 වැනි දින නිළ වශයෙන් මෙම නිකුත් කිරීම සිදු කළ අතර මේ අනුව Pixel 2, Pixel 2 XL, Pixel 3, Pixel 3 XL, Pixel 3a, Pixel 3a XL, Pixel 4 සහ Pixel 4 XL යන devices සඳහා OTA update එක ලබාගැනීමේ හැකියාව ද, Android Emulator එක සඳහා වන images ද, අවශ්‍යය නම් ROM එක sideload කිරීම සඳහා අවශ්‍යය වන සම්පූර්ණ system images ද නිකුත් කර තිබෙනවා.

Unwrapping the Android 11 Beta, plus more developer updates
Posted by Stephanie Cuthbertson, Director, Product Management Editor’s note: The global community of Android developers has always be...

ඔබට ඉහත සඳහන් කළ ජංගම දුරකථන මාදිලි වලින් එකක් හෝ ඇත්නම්, Android 11 beta සංස්කරණය එහි ස්ථාපනය කිරීමට කැමති නම්, g.co/androidbeta වෙබ් අඩවියට ගොස් මේ අලුත් සංස්කරණය ඉල්ලුම් කළ හැකි අතර, ඉන් පසුව මේ update එක සාමාන්‍යය OTA update එකක් ලෙස ඔබගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇති.

Sideload කිරීම සඳහා අවශ්‍යය වන system images download කරගැනීමට අවශ්‍යය නම්, නිළ Android Developer වෙබ් අඩවිය හරහා අදාල factory images download කරගැනීමේ හැකියාව තිබෙනවා.


මීට අමතරව OnePlus සමාගම විසින් OnePlus 8 සහ OnePlus 8 Pro යන ජංගම දුරකථන වලට මේ update එක ලබාදී ඇති අතර, Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Mi 10, Mi 10 Pro, POCO F2 Pro යන ජංගම දුරකථන වලට ද, Oppo සමාගම විසින් ඔවුන්ගේ Find X2 සහ Find X2 Pro යන ජංගම දුරකථන වලටද, Realme X50 Pro ජංගම දුරකථනයට ද නුදුරේදීම මේ Android 11 beta update එක ලබාදීමට සූදානම් වන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Android Developers Blog එක, XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.