Google සමාගම විසින් ඔවුන්ගේ Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 11 සංස්කරණයේ පළමුවැනි Beta සංස්කරණය එළිදැක්වීමට සැළසුම් කර තිබුණේ ජුනි මස 3 වැනි දින බව අපි මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.
කොහොම නමුත් පවතින වාතාවරණය හමුවේ මේ event එක නැවත වරක් කල් දැමීමට Google සමාගම කටයුතු කර ඇති අතර නැවත මෙය පැවැත්වීමට නියමිත දිනයක් පිළිබඳව ද කිසිඳු නිළ සඳහනක් සිදු කර නැහැ.
We are excited to tell you more about Android 11, but now is not the time to celebrate. We are postponing the June 3rd event and beta release. We'll be back with more on Android 11, soon.
— Android Developers (@AndroidDev) May 30, 2020
මේ වන විට මේ Android 11 සංස්කරණයේ developer preview සංස්කරණ හතරක් නිකුත් කර ඇති අතර මේ සමඟින් එකතු වන නව පහසුකම් සහ bug fixes පිළිබඳවත් කිහිප අවස්ථාවකදීම අපි ඔබව දැනුවත් කළා මතක ඇති.


ඔවුන්ගේ release timeline එක අනුව මේ beta සංස්කරණය මේ මස වන විට නිකුත් කළ යුතු වුවද, මෙය කල් දැමීම හරහා ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Beta 1, Beta 2, Beta 3 සංස්කරණ මෙන්ම අවසන් stable release එක ද මේ ආකාරයෙන්ම කල් දැමීමට කටයුතු කරනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.