YouTube යනු මේ  වන විට ලොව බොහෝ දෙනා අතර ජනප්‍රිය සේවාවක් වන අතර තමන්ගේ නරඹන්නන් හට වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම හරහා මොවුන් මුදල් උපයාගැනීම සිදු කරනු ලබනවා.

වෙළඳ දැන්වීම් නොමැතිව videos නැරඹීම සඳහා මුදල් ගෙවා YouTube Premium සේවාව ලබාගැනීමේ හැකියාව ඇති අතර මීට අමතරව ad-blocker එකක් භාවිතා කිරීම හරහා ද මෙම කටයුත්ත සිදු කරගැනීමේ හැකියාව පවතිනවා.

කොහොම නමුත් Redditor කෙනෙකු විසින් මේ ads නවත්වාගැනීම සඳහා සරළ ක්‍රමයක් හෙළි කර ඇති අතර මේ සඳහා කිසිඳු අමතර extension එකක් හෝ මුදලක් ගෙවීමක් අවශ්‍යය නොවන නමුත්, මෙම trick එක YouTube web version එක සදහා පමණක් වලංගුවේ.

YouTube වීඩියෝවල දැන්වීම් ඉවත් කිරීම සඳහා අදාල YouTube URL එකෙහි .com කොටසෙන් පසු අමතර තවත් ඩොට් එකක් තැබීම, එනම් youtube.com/yourvideo වෙත පිවිසීම වෙනුවට, ඔබ youtube.com./yourvideo වෙත පිවිසීම මගින් සියළුම ads ඉවත් කර අදාල video එක පමණක් නැරඹීමේ හැකියාව ලැබෙනවා.

‍බොහෝ වෙබ් අඩවි තමන්ගේ වෙබ් අඩවියේ පළ කරනු ලබන වෙළඳ දැන්වීම් ආදිය තම වෙබ් අඩවියේම store කර තබා නොගන්නා අතර ඒවා ‍whitelist කළ වෙනත් domain හරහා ලබාගනු ලබනවා.

මේ ආකාරයෙන් ප්‍රධාන domain name එකට අමතර . එකක් තැබීම හරහා web browser එක විසින් hostname එක ලෙස එම සම්පූර්ණ නම භාවිතා කරනු ලබන අතර, CORS, එහෙමත් නැතිනම් Cross-origin resource sharing block කිරීම නිසාවෙන් වෙනත් domain හරහා serve කරනු ලබන content සියල්ලම block කිරීමට අදාල web browser එක කටයුතු කරනු ලබනවා.

මෙය YouTube වෙබ් අඩවියට පමණක් නොව වෙනත් බොහෝ වෙබ් අඩවි වල ads block කිරීම සඳහා පහසු ක්‍රමයක් වන අතර ඇතැම් paywalls සහිත වෙබ් අඩවි සඳහා ද භාවිතා කළ හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙසේ නමුත් මෙම Reddit post එක සදහා upvotes 4,500 කට වඩා වැඩි  ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇති බැවින් YouTube විසින් දැනටමත් මෙම දුර්වලතාවය පිළිබඳව දන්නා බව පෙනෙන අතර මේ පිළිබඳව අධීක්ෂණයකින් පසු මෙම දුර්වලතාවය හැකි ඉක්මනින් නිවැරදි කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බව අපේක්ෂා කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Reddit භාවිතා කළ හැක