Oxygen OS යනු OnePlus සමාගම විසින් Android OS එක මත නිර්මාණය කර ඇති ඔවුන්ගේ UI එක වන අතර Google සමාගම විසින් Android OS එකෙහි නව සංස්කරණයක් නිකුත් කල පසු එය ඉක්මනින්ම සිය පරිශීලකයන් හට ලබා දෙන සමාගමක් ලෙස මේ OnePlus සමාගම මේ වන විට ප්‍රසිද්ධියට පත් ව තිබෙනවා.

මේ වන විට OnePlus සමාගම විසින් Android 10 මත නිර්මාණය කල Oxygen OS 10 සංස්කරණය ඔවුන්ගේ බොහෝ ජංගම දුරකථන මාදිලි වෙත නිකුත් කර තිබෙන අතර Oxygen OS එකෙහි මීළඟ සංස්කරණය වන Oxygen OS 11 පිළිබඳව මේ වන විට තොරතුරු නිකුත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

පසුගිය ජුනි 10 වැනි දින Google සමාගම විසින් Android 11 වල පළමුවැනි beta සංස්කරණය Pixel ජංගම දුරකථන සඳහා ලබාදීමට කටයුතු කළ අතර, ඒ සමඟින්ම OnePlus සමාගම විසින් ද ඔවුන්ගේ OnePlus 8 සහ OnePlus 8 Pro ජංගම දුරකථන වලට මේ update එක ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

Google Pixel සහ OnePlus ජංගම දුරකථන සඳහා Android 11 Beta 1 සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරයි
පසුගිය ජුලි 3 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට සූදානම් කර තිබුණු Android 11beta 1 සංස්කරණය පසුගිය දින වල පැවති කළබලකාරී වාතාවරණය හේතුවෙන් නැවත වරක් කල්දැමීමට කටයුතු කළ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති. Android 11 Beta සංස්කරණය එළිදැක්වීම නැවත වරක් කල් දැමීමට Google සමාගම කටයුතුකරයිGoogle …

එමෙන්ම Google සමාගම Android 11 වල stable සංස්කරණයක් නිකුත් කරන්නට ආසන්නව ඇති පසුබිමක් තුළ OnePlus සමාගමද සූදානම් වන්නේ ඊට සමගාමීව සිය පරිශීලකයන් හට ද එම මෙහෙයුම් පද්ධතිය ඉක්මනින්ම ලබා දීමටයි.

ඒ අනුව Android 11 මත නිර්මාණය වන Oxygen OS 11 ලැබෙන OnePlus මාදිලි පිළිබඳ තොරතුරු මේ වන විට නිකුත් වී තිබෙනවා.

  • OnePlus 8 Pro
  • OnePlus 8 5G
  • OnePlus 8
  • OnePlus 7T Pro 5G McLaren
  • OnePlus 7T Pro
  • OnePlus 7T
  • OnePlus 7 Pro 5G
  • OnePlus 7 Pro
  • OnePlus 7
  • OnePlus 6T McLaren
  • OnePlus 6T
  • OnePlus 6

නමුත් OnePlus 5 හෝ 5T වෙත මෙම නවතම යාවත්කාලීන කිරීම නොලැබෙන බවක් ද වාර්ථා වන අතර Oxygen OS 11 සංස්කරණයේ ඇතුලත් වන නවතම features පිළිබඳව තොරතුරු අන්තර්ජාලය තුල දැකිය හැකි වෙනවා.

සාමාන්‍යය Android 11 වල ඇති පහසුකම් වලට අමතරව එහි වැඩිම අවධානයක් යොමූ වූ අනෙකුත් features,

  1. Always on Display
  2. Enable fingerprint lock for hidden pictures in gallery
  3. Play sound when the battery is fully charged
  4. Folders within the app drawer
  5. Adding more essential features to Zen Mode

මීට අමතරව Oxygen OS 11 වෙත ඇතුළත් නොකර අතහැර දැමූ option රාශියක් පිළිබඳව ද තොරතුරු වාර්ථා වන අතර එලෙස සමහර features අතහැර දැමීමට බලපෑ හේතුද OnePlus සමාගම විස්තර කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වුවත් දැනට Android 11 වල stable සංස්කරණයක් තවමත් release කර නැති නිසා Oxygen OS 11 ලැබෙන නිශ්චිත දිනයක් පිළිබඳව නම් තවමත් වාර්ථා වන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TheAndroidSoul වෙබ් අඩවිය සහ RPRNA වෙබ් අඩවිය භාවිතා කළ හැක.