Google සමාගම විසින් ඔවුන්ගේ Android මෙහෙයුම් පද්ධතිය අතුරුපස වල නම් වලින් හැඳින්වීමේ සංස්කෘතිය නිමා කරමින්මීළඟ සංස්කරණයේ සිට ඉලක්කමක් භාවිතා කරමින් Android 10 ලෙස නම් කිරීමට තීරණය කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් මේ අලුත්ම Android 10 සංස්කරණය මීළඟ සැපැතැම්බර් මස 3 වැනි දින Google Pixel ජංගම දුරකථන සඳහා නිළ වශයෙන් නිකුත් කිරීමට Google සමාගම සූදානමින් සිටින බව වාර්ථා වෙනවා.

Google සමාගමේ support සේවාවේ සේවකයන් දෙදෙනෙකු විසින් වෙන වෙනම chat conversation දෙකක් අතරතුරදී මෙම දිනය පිළිබඳව තහවුරු කර ඇති බව Phonearena වෙබ් අඩවිය විසින් ප්‍රකාශ කර සිටින අතර මේ අනුව මෙම තොරතුර නිවැරදි විය හැකි සම්භාවීතාවය ඉහළ මට්ටමක් ගන්නවා.

මේ අනුව මෙම තොරතුර සත්‍ය වුවහොත් සැප්තැම්බර් මස 3 වැනි දින මුල්ම Pixel ජංගම දුරකථනය ද ඇතුලුව Pixel 2, 2 XL, 3, 3XL සහ Pixel 3a යන ජංගම දුරකථන සඳහා මේ Android 10 සංස්කරණය ලැබෙනු ඇත.

විශේෂයෙන්ම වසර දෙකක software updates සහ වසර 3ක security patches ලබා දීමට නියමිතව තිබූ Google සමාගමේ මුල්ම Pixel සහ Pixel XL ජංගම දුරකථන සඳහා ද මේ update එක නිළ වශයෙන්ම ලබා දීමට Google සමාගම කටයුතු කරනු ලබනවා.

Google සමාගම විසින් අලුත් Android සංස්කරණයක් නිකුත් කළ සෑම අවස්ථාවකදීම පාහේ ඊට පැය කිහිපයකට පසුව Essential සමාගම ද ඔවුන්ගේ Essential Phone එක සඳහා අදාල update එක ලබාදීමට කටයුතු කළ හෙයින්, Essential Phone (PH-1) සඳහා ද එදිනම හෝ ඊට පසු දින මෙම update එක ලැබෙනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා PhoneArena වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.