ඔබ සංගීතය රසවිඳින්නේ කුමන ආකාරයෙන් දැයි අප ඔබෙන් ඇසුවොත්, ඔබ හට ඊට පිළිතුරු රැසක් තිබෙනවා නිසැකයි.

නමුත් ඔබ අසන බොහෝ දේ ඔබට පුද්ගලිකව පමණක් ඇසීමට අවශ්‍ය නම්, ඔබේ තේරීම අනිවාර්යෙන්ම, Earbuds එකක්, Headphone එකක් භාවිතා කිරීම විය හැකියි.

Headphone හෝ Earbuds වලින් සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අප අමුතුවෙන් පැහැදිලි කිරීම අවශ්‍ය නැතැයි සිතන අතර, සරලවම ඔබට ඔබේම පුද්ගලිකත්වයක් ගොඩනඟාගන්නට මෙම උපකරණ ඔබට උදව් කරනවා.

නමුත් Headphone එකක්, Earbuds ආදිය භාවිතා කරන අවස්තාවන් වලදීත් එම උපකරණ අපේ කණ් තුළට සම්බන්ධ කිරීමට සිදු වෙන අතර ඇතැමුන්ට මෙය කරදරයක් සේ දැනීමට ද ඉඩ තිබෙනවා.

ඒ නිසා එම කරදරයෙනුත් මිදී ඔබ අසන්නට කැමති දේ ඔබට පමණක් ඇසෙන, වෙනත් ආකාරයකට කියනවා නම්, Headphone එකක් විසින් සිදුකරන ආකාරයේම තාක්ෂණික ක්‍රියාවලියක් සිදු කරන නව උපාංගයකට ඔබ වඩාත් කැමති වෙනවා නිසැකයි.

ඔන්න දැන් ඊශ්‍රයාල පර්යේෂකයින් පිරිසක් විසින් එවැනි උපාංගයක් නිර්මාණය කර තිබෙන අතර, ඒ හරහා කිසිඳු Headphone එකක් හෝ Earbuds නොමැතිව, සංගීතය ඔබේ හිස තුළට ඇතුල් කරන්නට සමත් වෙනවා.

SoundBeamer ලෙස නම් කර තිබෙන මෙම Deskstop උපාංගය, ඊශ්‍රායල් සමාගමක් වන Noveto Systems සමාගම විසින් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙන අතර, එම උපාංගය විසින් ශබ්ධය යැවිය යුතු පුද්ගලයා සිටින ස්ථානය 3-D sensing module එකක් භාවිතයෙන් track කර, අතිධ්වනික තරංග (ultrasonic waves) ඔස්සෙ ශබ්ධය, Sounds Bubbles ආකාරයට සම්ප්‍රේෂණය කිරීම සිදු කරනවා.

ඔබ වටා 360° ක Sound arround එකක් නිර්මාණය කිරීමට මෙම SoundBeamer උපාංගයට හැකියාව තිබෙන අතර, ඔබට stereo හෝ spatial 3-D ලෙස කැමති type එකකින් එම ශබ්ද ශ්‍රවණය කිරීමට හැකියාව තිබෙනවා.

මෙම 360° Sound arround එක නිසා ශබ්ධය, ඔබට ඉහළින්, පිටුපසින් හෝ ඉදිරියෙන් හෝ කොහොම තිබුණත්, එය ඔබේ කණ තුළම තිබෙනවා වැනි හැඟීමක් ලබා දෙන අතර headphone වලින් කණ ආවරණය වී නැති නිසා ඔබ සිටින ස්ථානයේ සිදු වන වෙනත් දේවල් වල් ශබ්ද පවා ඉතාම පැහැදිලිව ඇසීමට මෙම තාක්ෂණය නිසා දැන් අවස්ථාව තිබෙනවා.

එමෙන්ම ඔබ කාර්යාලයේ සිටින විට අනෙක් අයට කරදරයක් නොවී සංගීතය රස විඳීමේ සිට, games play කිරීම, movies නැරඹීම ආදී ලෙස පුළුල් පරාසයක භාවිතාවන් සඳහා මෙම උපාංගය භාවිතා කිරීමට හැකියාව තිබෙන බව Noveto System සමාගම පෙන්වා දෙනවා.

මෙවැනි තාක්ෂණයක් සහිත උපාංගයක් නිකුත් කළ ලොව පළමු සමාගම Noveto System සමාගම වන අතර, මෙහි prototype මාදිලිය එළබෙන 2021 වර්ෂයේ නත්තලට පෙර පාරිභෝගිකයන් අතට පත් කිරීම මෙම සමාගමේ අපේක්ෂාව වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ Washington Post වෙබ් අඩවිය භාවිතා කළ හැක.