කුළුණු ස්ථාපිත කොට සේවාවන් ලබාදීම සහ නඩත්තු කිරීමට අපහසු දුෂ්කර ප්‍රදේශ වලට අන්තර්ජාල සේවාවන් සැපයීම සඳහා SpaceX සමාගම විසින් Starlink අන්තර් චන්ද්‍රිකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

Starlink අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව මහජන භාවිතයට සූදානම් බව Elon musk මහතා ප්‍රකාශ කරයි
SpaceX ආයතනයේ Starlink ව්‍යාපෘතිය පිළිබඳව මීට පෙර අවස්ථා ගණනාවකදීම අපි ඔබවදැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. Starlink ව්‍යාපෘතියේ මූලික beta පරීක්ෂණ වලදී 100Mbps දක්වා වූ අන්තර්ජාල වේගයක්ලබාගැනීමට SpaceX සමාගම සමත් වෙයිStarlink යනු Elon Musk සතු SpaceX සමාගම විසින්නිර්මාණය කරන ලද satellite netwo…

මෙම අරමුණම ඉලක්ක කොට Google සමාගම විසින්ද Google Loon, එනම් අභ්‍යවකාශයේ තැනින් තැන ස්ථානගත කරන ලද බැලූන ආධාරයෙන් අන්තර්ජාලය ලබාදිය හැකි ක්‍රමයක් කාලයක සිට සංවර්ධනය කරමින් සිටිනවා.

Google සමාගමේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය කාලයේ අත්හදා බැලීම් සිදුකරනු ලැබුවද විවිධ ගැටළු නිසා එය අතරමග නතර කරනු ලැබුවා.

ටෙනිස් පිටියක තරම් විශාලත්වයකින් යුත්, හීලියම් වායුව පුරවන ලද මෙම බැලූන අඩි 65,000 ක් ඉහළ අහසේ, එනම් වාණිජ ගුවන් යානා පියාසර කරනවාටත් වඩා ඉහළින් ස්ථානගත කෙරෙන අතර ඒවා සූර්‍ය පැනල ඔස්සෙ ශක්තිය ලබාගෙන ක්‍රියාත්මක වෙනවා.

නමුත් මෙම බැලූන එක් තැනක ස්ථානගත කර තැබීම Google හි පර්යේෂකයන් මුහුණ දුන් ප්‍රධානම අභියෝගය වු අතර, AI තාක්ෂණය යොදා ගනිමින් එයට විසඳුමක් ලබාගැනීමට ඔවුන් මේ වන විට සමත්වී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

ඒ අනුව Reinforcement Learning (RL) නම් AI තාක්ෂණයක් භාවිතා කරමින් Google හි මව් සමාගම වන Alphabet සමාගම විසින් පැසිෆික් සාගරයට ඉහළින් නොකඩවා දින 39 ක කාලයක් බැලූනයක් ස්ථානගත කර තබා ගැනීමට සමත් වී තිබෙනවා.

Nature සඟරාවේ වාර්තාවට අනුව, බැලූනය එහි පිහිටීම පවත්වා ගැනීම සඳහාත්, හොඳම සුළඟ සොයා ගැනීම සඳහාත්, එහි උන්නතාංශය ඉහළට හෝ පහළට යා යුතුද යන්න තීරණය කිරීම සඳහාත්, AI තාක්ෂණය භාවිතා කළ අතර ඒ සඳහා "අදාළ ස්ථානයේ පසුගිය කාළගුණික දත්ත හා වර්තමාන කාළගුණික දත්ත" භාවිතා කරනු ලැබූ බව සඳහන් වෙනවා.

මෙම RL AI තාක්ෂණය මඟින් "බැලූනයෙහි තත්වය කුමක්ද, එහි කොපමණ බලයක් ඉතිරිව තිබේද, එම අවස්තාවේදී ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටින පුද්ගලයන් හට ඉහළින් ස්ථානගතව සිටීම සඳහා කළ හැකි හොඳම ක්‍රියාව කුමක්ද යන්න තීරණය කිරීම" ආදිය සිදු කිරීමට සමත් වන බව එම සමාගම පෙන්වා දෙනවා.

SpaceX ආයතනයේ Stalink ව්‍යාපෘතියද මේ වනවිට පර්යේෂණ කිහිපයක් ම සාර්ථක කර ගැනීමට සමත් වී තිබෙන බැවින්, දුෂ්කර ප්‍රදේශවලට අන්තර්ජාලය ලබාදීම සඳහා වඩා සාර්ථක යෝජනාව වන්නේ Starlink ව්‍යාපෘතිය නැතිනම් Google Loon ව්‍යාපෘතියද යන්න පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Engadgetවෙබ් අඩවිය භාවිතා කළ හැක.