TikTok සේවාවට සමාන විවිධ app නිර්මාණය කරමින් Facebook සමාගම, YouTube ආයතනය පවා පරිශීලකයින් ආකර්ශනය කරගැනීමට විශාල උත්සාහයක් දරනු ලැබුවත්, එය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

කොහොම නමුත් මේ වන විට TikTok සදහා නව තරඟකරුවෙකු සිටින අතර Zynn යනුවෙන් නම් කර ඇති මෙම app එක TikTok හි clone එකක් ලෙස බොහෝ දෙනා හදුන්වයි.

‎Zynn
Zynn is a short-form video App where you discover and create your content. At Zynn, spark your creativity and fully express yourself! Hosting content from various creators, you can enjoy and share your moments. With a wide variety of music, audio clips and text effects, you can create eye-catching …

මෙහි UI එක බොහෝදුරට TikTok app එකෙහි UI එකට අතිශයින්ම සමාන නිසාවෙන් TikTok clone එකක් ලෙස හැඳින්වෙන නමුත් විශේෂිතම කාරණාව නම් මෙම Zynn නම් නව app එක පරිශීලකයන් සදහා ලියාපදිංචි වීමට, වීඩියෝ නැරඹීමට සහ අනෙක් අයට එය follow කිරීමට වැනි දේ සදහා ගෙවීම් සිදු කරයි.

පසුගිය මැයි මාසයේදී ආරම්භ කර ඇති මෙම සේවාව පසුගිය දින කිහිපය තුළදී Apple App Store එකේ top free apps වල පළමු තැනට පැමිණීමට සමත් වූ අතර Google Play Store එක තුළ top 10 වලට පැමිණීමට සමත් වී ඇති නමුත් මෙය තවමත් ලංකාවට නිකුත් කර නොමැත.

වම් පස: Zynn දකුණු පස: TikTok

මූලික user interface එක බොහෝදුරට සමාන වන අතර apps දෙකම විසින් පරිශීලකයාව කෙටි portrait-orientation videos නැරඹීමට නැඹුරු කරවනු ලබනවා.

Apps දෙකෙහි ඇති විශාලම වෙනස වන්නේ Zynn හි සෑම වීඩියෝවක් පුරාවටම ඩොලර් ලකුණක් සහිත countdown timer එකක් පැවතීම වන අතර ඔබ වීඩියෝ නරඹන විටදී timer එක පිරෙන ආකාරය අනුව ඔබට points ලැබීම සිදුවේ.

පසුව ඔබට එම points මුදල් හෝ gift cards ලෙස ලබා ගත හැකි බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙන නමුත් ඔවුන් මෙය සැබැවින්ම ක්‍රියාත්මක වේදැයි පෞද්ගලිකව පරීක්‍ෂා කර නොමැති අතර, කිහිපදෙනෙක් ගෙවීම් ලැබීම් පෙන්වන YouTube වීඩියෝ පළ කර ඇති බව ද පෙන්වා දෙනවා.

ඔබට points ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබ මෙහි ලියාපදිංචි විය යුතු වන නමුත් Zynn සමඟ සෘජුවම ගිණුමක් නිර්මාණය කිරීමට විකල්පයක් තවමත් නොමැති අතර එය (Google, Facebook හෝ Twitter වැනි) වෙනත් සේවාවක් සමඟ සම්බන්ධ කළ යුතුය.

මීට අමතරව ඔබේ දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් සටහන් කරගැනීමෙන් අනතුරුව ඔබේ ත්‍යාග මුදල් ලබා ගැනීම සඳහා, ඔබ Paypal ගිණුමක් ද සම්බන්ධ කළ යුතු වෙනවා.

කොහොම නමුත් පෙර සදහන් කල ආකාරයට මෙම app එක තවමත් ලංකාවට නිකුත් කර නොමැත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය සහ Mashable වෙබ් අඩවිය භාවිතා කළ හැක.