Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන Windows 10X මෙහෙයුම් පද්ධතිය සහ එහි ඇතුලත් වන අලුත් පහසුකම් කිහිපයක් පිළිබඳවත් මීට පෙර අවස්ථාවකදී TechNews.LK පාඨක ඔබව දැනුවත් කිරීමට අපි කටයුතු කළා මතක ඇති.

වැඩිදියුණු කරන ලද Standby feature එකක් සහ තවත් පහසුකම් රැසක් සමඟින් Windows 10X ලබන වසරේ නිකුත් කිරීමට Microsoft සමාගම සූදානම් වෙයි
Microsoft සමාගම විසින් සිය Windows 10 මෙහෙයුම් පද්ධතියේ නව version එකක් නිකුත්කිරීම වෙනුවෙන් වැඩ කරමින් සිටින අතර එය මෙම වසරේදී නිකුත් කිරීමට සූදානම් වතිබුණත්, මේ වන විට එය 2021 වසර දක්වා කල්දමා ඇති බව දැනගන්නට ලැබෙනවා. මෙලෙස මූලික සැලසුම් වල වෙනස්කම් සිදු කරමින් එය 2021 වර්ෂයේ දෙවන කාර්තුවේදීනි…

මෙම මෙහෙයුම් පද්ධතිය අපි එදිනෙදා භාවිතා කරන සාමාන්‍යය පරිගණක ඉලක්ක කරගෙන නිර්මාණය කරනු ලැබුවක් නොවන අතර මේ සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ පරිගණක සමඟින් පමණක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව ද අපි මීට පෙර සඳහන් කළා.

එමෙන්ම මේ දක්වා Microsoft සමාගම විසින් මෙම අලුත් මෙහෙයුම් පද්ධතියෙහි කිසිඳු release එකක් සිදු කිරීමට කටයුතු නොකලත්, මේ වන විට මෙහි near-final release එකක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති බව වාර්තා වෙනවා.

මෙම මෙහෙයුම් පද්ධතිය Google සමාගමේ Chrome OS එකට සමාන අයුරින් නිර්මාණය කර ඇති අතර මීට පෙර තිබුණු Windows 10S මෙහෙයුම් පද්ධතියට මදක් සමාන කමක් දක්වන්නේ මේ අලුත් Windows 10X මෙහෙයුම් පද්ධතියේද සාමාන්‍යය Windows softwares, එනම් Win32 applications run කිරීමේ අවස්ථාව ඉවත් කර ඇති බැවිනි.

View post on imgur.com

මූලිකම මෙම මෙහෙයුම් පද්ධතිය dual screen devices ‍ඉලක්ක කරගෙන නිර්මාණය කරනු ලබන බව වාර්තා වුවත් මේ වන විට Microsoft සමාගමේ එම සැළසුම මදක් වෙනස් වී ඇති බව දැනගන්නට ලැබෙනවා.

ඒ අනුව බොහෝ විට මෙම වසරේ දෙවැනි කාර්තුවේ මුල් භාගයේදී single screen device එකක් සමඟින් මෙම මෙහෙයුම් පද්ධතිය එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව Softpedia වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය සහ Enadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.