පසුගිය දා WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ terms & conditions අලුත් කරමින් ප්‍රකාශ කර සිටියේ WhatsApp පරිශීලකයින් හට ඔවුන්ගේ දත්ත Facebook සමාගම සමඟ share කිරීම සඳහා එකඟ විය යුතු බවයි.

Facebook සමඟ ඔබගේ WhatsApp දත්ත share කරගැනීමේ නව Privacy Policy එකට එකඟ නොවන්නේ නම් WhatsApp භාවිතා කිරීමේ හැකියාව ඔබට අහිමි වෙන ලකුණු
ඉදිරි මාසය තුළදී WhatsApp වෙතින් ඔබට නව app notification එක සම්බන්ධ update එකක්ලැබීමට නියමිත අතර, එම update එක සමඟ නව privacy policy එකක් සඳහා විමසීමක්ද ඔබටලැබීමට නියමිතයි. මෙම නව privacy policy එක මඟින් ඔබ විසින් WhatsApp සඳහා භාවිතා කරන ජංගම දුරකථනඅංකයද ඇතුළුව ඔබේ ඔනෑම WhatsApp පරිශීලක දත්තයක්…

මේ පිළිබඳව අපි ඔබව මීට පෙර ලිපියක් හරහා දැනුවත් කිරීමට කටයුතු කළ අතර, වැඩිදුරටත් අපගේ Techie Instants සේවාව හරහා ද ඔබට වැදගත් වනු ඇතැයි සිතන තොරතුරු පළ කිරීමට කටයුතු කරනු ලැබූ බව මතක ඇති.

Techie Instants⚡
රැල්ලට Whatsapp වලින් Data උස්සනවා කියන්න කලින් දැනසිටිය යුතු කරුණු කිහිපයක්. මෙම තොරතුරු නිළ WhatsApp වෙබ් අඩවිය මූලාශ්‍ර කරගෙන සකස් කර ඇති බව කරුණාවෙන් සළකන්න. Source: https://s.techie.lk/uPKa

මේ අනුව WhatsApp ආයතනයේ මෙම  අලුත් terms & conditions වලට එකඟ වීම සඳහා deadline එකක් ලබාදී තිබුණු අතර එය මීළඟ පෙබරවාරි මස 8 වැනි දිනට යෙදී තිබුණා.

කොහොම නමුත් මෙම ප්‍රවෘත්තියත් සමඟින් WhatsApp ආයතනයේ මෙම තීරණය ලොව පුරාම WhatsApp පරිශීලකයින්ගේ දැඩි විරෝධයට සහ දෝෂ-දර්ශනයට ලක්වූ අතර ප්‍රසිද්ධ දේශපාලනඥයින් ඇතුළු මිලියන ගණනක් පරිශීලකයින් Telegram සහ Signal වැනි සේවාවන් වෙතට යොමු වීමට කටයුතු කරනු දකින්නට ලැබුණු බව TechNews.LK පාඨක ඔබ දැනටමත් දන්නවා ඇති.

WhatsApp වෙනුවට මිලියන ගණන් පරිශීලකයන් Telegram හා Signal වැනි සේවාවන් වෙත යොමු වෙමින් සිටින බව නවතම දත්ත මඟින් හෙළි වෙයි
ලොව පුරා අතිශය ජනප්‍රිය හා වැඩිම පිරිසක් භාවිතා කරන WhatsApp සේවාව විසින්පෙබරවාරි 8 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අලුත්ම terms and conditionsපිළිබඳව අපි TechNews.LK පාඨක ඔබව මීට පෙර දැනුවත් කළ අතර මේ වන විට මේ සම්බන්ධයෙන්ලොව පුරා අතිවිශාල කතාබහක් ඇති වී තිබෙනවා. Facebook සමඟ ඔබගේ WhatsApp …

මෙම තත්ත්වය හමුවේ WhatsApp සමාගම විසින් මේ වන විට නව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ පෙබරවාරි 8 වැනි දිනට යෙදී තිබුණු deadline එක මෙම වසරේ මැයි මස 15 වැනි දින දක්වා කල් දැමීමට තීරණය කර ඇති බවයි.

WhatsApp සේවාව Facebook සමාගමට අයිති බව හෝ නොදන්නා බොහෝ WhatsApp පරිශීලකයින් හට එක් වරම Facebook සමාගම සමඟ තම දත්ත share කරගැනීමට සිදු වන බව දක්වමින් නිවේදනයක් නිකුත් කිරීම නිසාවෙන් මෙන්ම මෙම තත්ත්වය පිළිබඳව සාවද්‍යය තොරතුරු ප්‍රචාරය වීම නිසාවෙන් බොහෝ පරිශීලකයින් කළබලයට පත් වී ඇති බව GSM Arena වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

WhatsApp සමාගම ප්‍රකාශ කරන්නේ මේ අලුත් කොන්දේසි වලින් බළපෑමක් වෙන්නේ WhatsApp Business ගිණුම් සමඟ සම්බන්ධතා පවත්වන පරිශීලකයින් හට පමණක් වන බවයි.

මීට හේතුව වන්නේ WhatsApp Business ගිණුම් හිමියන් හට Facebook hosting services හරහා තමන්ගේ chats manage කිරීමේ හැකියාව ලබාදීම මෙන්ම, Facebook වෙළඳ නාමයට යටතේ ඇති Shops වැනි commerce features හරහා WhatsApp පරිශීලකයින් හට සෘජුවම message කිරීමේ හැකියාව ලබාදීම වැනි කටයුතු වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කොහොම නමුත් මෙම තීරණයෙහි වෙනස් කමක් සිදු නොවන බවත්, මෙම කල් දැමීම හරහා තම පරිශීලකයින් හට සාවද්‍යය තොරතුරු වලින්, මේ පිළිබඳව නිවැරදි තොරතුරු දැනගැනීම සඳහා මෙන්ම අලුත් terms & conditions කියවා අවබෝධ කර ගැනීමට වැඩි කාලයක් ලැබෙන බවත් WhatsApp ආයතනය විසින් පෙන්වා දෙනු ලබනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.