Microsoft සමාගම විසින් සිය Windows 10 මෙහෙයුම් පද්ධතියේ නව version එකක් නිකුත් කිරීම වෙනුවෙන් වැඩ කරමින් සිටින අතර එය මෙම වසරේදී නිකුත් කිරීමට සූදානම් ව තිබුණත්, මේ වන විට එය 2021 වසර දක්වා කල්දමා ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙලෙස මූලික සැලසුම් වල වෙනස්කම් සිදු කරමින් එය 2021 වර්ෂයේ දෙවන කාර්තුවේදී නිකුත් කිරීමට Microsoft සමාගම සුදානමින් සිටින අතර, මෙම නව මෙහෙයුම් පද්ධතිය නම් කර තිබෙන්නේ Windows 10X ලෙසයි.

Windows 10 ද ඇතුළු පොදුවේ Windows මෙහෙයුම් පද්ධතියේ වල දක්නට ලැබුණු දුර්වලතාවයක් වූයේ එය sleep කළ විට wake up කිරීම සඳහා ගත වන කාලය වැඩි වීම වන අතර Windows 10X සමඟ එයට විසඳුමක් ලබාදීමට Microsoft සමාගම සූදානම් වෙනවා.

ඒ අනුව Windows 10X සඳහා වැඩිදියුණු කරන ලද Standby mode එකක් හඳුන්වාදීමට නියමිත අතර මෙම නව mode එක මඟින් ඔබේ පරිගණකය Sleep mode එකේ තිබී, නැවත එය wake up කරන විට ක්ෂණිකව එම ක්‍රියාවලිය සිදු කරදෙනු ඇති.

කාර්යාලීය කටයුතු වලදී පරිගණකය භාවිතා කරන්නන්ට මෙම පහසුකම ඉතා ඵලදායි වනු ඇති බව අනුමාන කළ හැකි අතර ක්ෂණිකව ක්‍රියාත්මක වීම හා Laptop එක විවෘත කළ වහාම system එක නැවත ආරම්භ වන අත්දැකීමක් ලබාදීමට Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා.

මීට අමතරව device එක sleep mode එකේ තිබියදීම Windows apps වලට background එකේම run විය හැකි always-connected නම් නව පහසුකමක්ද Windows 10X වෙත එකතු කිරීමට නියමිත අතර මෙමඟින් Email වැනි apps සමග වැඩ කිරීම ඉතා පහසු වෙනු ඇති.

එමෙන්ම File Explorer එක, අලුත් action center එක ඇතුළු තවත් improvements ගණනාවක් ද මෙම නවතම Windows 10X මෙහෙයුම් පද්ධතිය සමඟ හඳුන්වාදීමට Microsoft සමාගම සුදානම් වෙනවා.

Windows 10X මූලිකව, Foldable හා Microsoft Duo වැනි Dual Screen උපාංග ඉලක්ක කර නිර්මාණය කරන බව කටකතා පැතිර ගියද, එළඹෙන වසරේ නිකුත් කිරීමට නියමිත Windows 10X හි මෙම පළමු version එක single display සහිත උපාංග වෙනුවෙන් නිකුත් කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Windows Latest වෙබ් අඩවිය භාවිතා කළ හැක.