SimpliSafe ආයතනය මේ වන විට දශකයක පමණ කාලයක සිට නිවෙස් වල ආරක්ෂාව පිළිබඳව විවිධ නිෂ්පාදන එළිදැක්වීම කටයුතු කළ සමාගමක් වන අතර, මේ වන විට ලොව සිහින් ම Smart Lock එක එළිදැක්වීමට ඔවුන් සමත් වී තිබෙනවා.

විශේෂයෙන්ම දැනට පවතින smart lock සියල්ලක්ම පාහේ ප්‍රමාණයෙන් විශාල වන අතර ඒවා අදාල දොරෙන් පිටතට නෙරා ඇති බැවින් ඉතාමත් අවලක්ෂණ පෙනුමකින් යුතු වන බව පෙන්වා දෙන SimpliSafe ආයතනයේ design අංශයේ ප්‍රධානියා කියා සිටින්නේ මේ හේතුව නිසාවෙන්, අලුත් පෙනුමක් සහිතව, ඉතාමත් කුඩා ප්‍රමාණයේ මෙන්ම ස්ථාපන කිරීමට ඉතාමත් පහසු smart lock එකක් නිර්මාණය කිරීමට ඔවුන් පෙළඹුණු බවයි.

මෙය ප්‍රමාණයෙන් අඟල් 0.9ක් පමණ වන අතර එහි තිබෙන keypad එක හෝ ඊට අදාල app එක භාවිතා කරමින් මෙය lock කිරීම සහ unlock කිරීම සිදු කිරීමේ හැකියාව තිබෙන නමුත්, app එක භාවිතා කරනවා නම් ඒ සඳහා අමතර ඩොලර් 25ක මුදලක් SimpliSafe ආයතනයට ගෙවීමට සිදු වෙනවා.

SimpliSafe ආයතනයේ අනතුරු ඇඟවීමේ පද්ධතිය සමඟින් ඉතාමත් සමීපව කටයුතු කළ හැකි ලෙ නිපදවා ඇති මෙම smart lock එක අනතුරු ඇගවීමේ පද්ධතිය ක්‍රියාත්මක වන විට ස්මාට් අගුල මගින් ස්වයංක්‍රීයව දොර අගුලු දැමිය හැකියාවෙන් ද යුක්ත වෙනවා.

මෙම උපාංගය මීලග සැප්තැම්බර් 15 වන දින සිට Black, White සහ Nickel යන වර්ණයන්ගෙන් යුතු මාදිලි වලින් ඩොලර් 99 කට වෙලදපොලට එක් කිරීමට නියමිත වන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Digital Trends වෙබ් අඩවිය හා PC Mag වෙබ් අඩවිය භාවිතා කළ හැක.