Android 10 update එක ලැබීමට නියමිත Samsung devices පිළිබඳව මීට ටික දින‍කට පෙර අපි ඔබව දැනුවත් කළා මෙන්ම මීළඟට Huawei devices ගැන දැනුවත් කිරීමට සූදානමින් සිටින බව සඳහන් කළා ඔබට මතක ඇති.

Android 10 Update එක ලැබීමට නියමිත Samsung දුරකථන මාදිලි පිළිබඳව තොරතුරු නිකුත් වෙයි
Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 10සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීම[/android-10-officially-released-for-google-pixel-essential-and-xiaomi-phones/] සහ අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදකයන් එම සංස්කරණය විටින් විට තමන්ගේ ජංගම දුරකථන වලටලබාදීමට කටයුතු කළ බව අපි ඔබව …

මේ වන විට Huawei Answers වෙබ් පිටුව තහවුරු කරන පරිදි පහත දුරකථන මාදිලි 17 ට Android 10 මත පදනම් වුණු EMUI 10 update එක ලබා දීමට නියමිතයි.

  • P30 Pro
  • P30
  • Mate 20
  • Mate 20 Pro
  • PORSCHE DESIGN Mate 20 RS
  • P30 lite
  • P smart 2019
  • P smart+ 2019
  • P smart Z
  • Mate 20 X
  • Mate 20 X (5G)
  • P20 Pro
  • P20
  • Mate 10 Pro
  • PORSCHE DESIGN Mate 10
  • Mate 10
  • Mate 20 Lite

මීට අමතරව Huawei හි උප සන්නාමයක් වන Honor brand එක යටතේ නිකුත් කර ඇති Honor 20 / Honor 20 pro සහ Honor 20i සඳහා ද මෙම Android 10 update එක ලැබෙනු ඇති.

මේ සඳහා අවශ්‍යය වන වෙනස්කම් සිදු කිරීම සහ testing කටයුතු සිදු කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව ඔවුන්ගේ නිළ Huawei Answers වෙබ් අඩවියේ සඳහන් කිරීමට Huawei සමාගම කටයුතු කර තිබෙන නමුත් ඒ සඳහා වන දිනයන් පිළිබඳව නම් තවමත් නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Huawei වෙබ් අඩවිය හා Huawei Advices වෙබ් අඩවිය භාවිතා කළ හැක.