Apple සමාගම ඔවුන්ගේ smart home උපාංග ප්‍රචලිත කරගැනීම වෙනුවෙන් විශාල උත්සාහයක් දරනු ලබන බව පෙනෙන්නට තිබෙන අතර මේ වන විට ඔවන්ගේ HomeKit Accessory Development Kit (ADK) එක open-source කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ තීරණයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ Apple, Google සහ Amazon සමාගම එකතුව අලුත් open-source smart home standard එකක් එළිදැක්වීම වන අතර මේ හරහා Amazon Alexa, Google Weave Protocol එක සහ Apple HomeKit standard එක භාවිතා කරනු ලබන සියළුම devices ‍එක standard එකක් යටතට ගෙන එනු ලබනවා.

එනම් මේ සියළුම devices ඕනෑම platform එකක් සමඟින් සම්බන්ධ කර භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් මේ standard එක එළිදැක්වූ පමණින් ක්ෂණිකවම අදාල devices සම්බන්ධ කීරීමේ හැකියාවක් නොලැබෙන අතර මේ සඳහා අදාල devices වලට ගැලපෙන මෘදුකාංග අලුත් standard එකට අනුව නිර්මාණය කිරීමට අදාල නිෂ්පාදකයන් හට සිදු වෙනවා.

මේ කටයුත්ත ඉක්මන් කරනු පිණිස මෙන්ම මේ වෙනුවෙන් ලොව පුරා මෘදුකාංග ඉන්ජිනේරුවන් උනන්දු කරවීම සඳහා Apple සමාගම මේ පියවර ගෙන ඇති බව විශ්වාස කළ හැකි වෙනවා.

කොහොම නමුත් එලෙස මෘදුකාංගයක් නිර්මාණය කළ පමණින් ඕනෑම අයෙකුට Apple Smart home devices නිශ්පාදනය කර බෙදාහැරීමේ හැකියාව නොලැබෙන අතර Apple HomeKit MFI program එක යටතේ අවසර ලබාගත යුතු වෙනවා.

‍නමුත් මේ ආකාරයේ license එකක් ලබාගැනීමට පෙර එම තාක්ෂණයන් සමඟින් තමන්ගේ devices අනුගත වන්නේද යන්න සොයාබැලීමට මෙන්ම විනෝදාංශයක් වශයෙන් programming කරන්නන් හට මේ තාක්ෂණය සමඟින් අත්දැකීමක් ලබාගැනීමට මෙය ඉතාමත් හොඳ අවස්ථාවක් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය, Apple Insider වෙබ් අඩවිය හා Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.