මේ වන විට නිකුත් වෙන සෑම ජංගම දුරකථනයකම පාහේ Camera 2කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වන අතර ඇතැම් ජංගම දුරකථන වල මේ ප්‍රමාණය 4 හෝ 5 දක්වා ද ඉහළ යන තත්ත්වයක් දැකිය හැකි වෙනවා.

ලොව ජංගම දුරකථන වර්ග විශාල ප්‍රමාණයක් විවිධ වෙළඳ නාම වලින් වෙළඳ‍පොලට නිකුත් වුණත්, මේ සෑම ජංගම දුරකථනයකම පාහේ camera වල අන්තර්ගත වන image sensors නිෂ්පාදනය කරනු ලබන්නේ ජපාන තාක්ෂණික දැවැන්තයෙකු වන Sony සමාගම බව ඔබ දැනටමත් දන්නවා ඇති.

කොහොම වුණත් මේ වන විට මේ image sensor සඳහා ඇති අධික ඉල්ලුම හමුවේ Sony සමාගමට ඔවුන්ගේ නිශ්පාදනාගාර දවසේ පැය 24 ම එක දිගට ක්‍රියාත්මක කල ද ඊට අදාල සැපයුම ලබාදීමට අපහසු තත්ත්වයක් උදාවී ඇති බව වාර්ථා වෙනවා.

මේ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6ක පමණ මුදලක් ආයෝජනය කරමින් දැනට පවතින capacity එක දෙගුණ කරවිය හැකි අන්දමේ අලුත් නිෂ්පාදනාගාරයක් ජපානයේ නාගසාකි වල ආරම්භ කිරීමට Sony සමාගම කටයුතු කරමින් සිටින අතර එහි වැඩ කටයුතු 2021 වර්ෂය වන විට නිම කිරීමට ඔවුන් බළාපොරොත්තුවෙන් සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ ඔවුන්ගේ පාරිභෝගිකයන් හට අවශ්‍යය තරම් image sensors ලබාදීම ප්‍රමාදවීම පිළිබඳව Sony semiconductor ආයතනයේ ප්‍රධානියා වන Terushi Shimizu මහතා සමාව ඉල්ලා සිටිනවා.

මේ වන විට Sony සමාගමේ PlayStation වලට පසුව වැඩිම ආදායමක් ලබාදෙන ව්‍යාපාරය ලෙස ඔවුන්ගේ Semiconductors නිෂ්පාදනය පත්ව තිබෙන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bloomberg වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.