Zoom කියන්නේ මේ වන විට ගොඩක් දෙනා Video Conferencing පවත්වන්න භාවිතා කරන සේවාවක් බවට පත් වෙලා ඉවරයි.

කොහොම වුණත් පසුගිය දින වල විශාල data breach වීමක් සිදුවුණු නිසා zoom ආයතනයට තමන්ගේ security methods පිළිබඳව නැවත සිතන්නට සිදුවුණු අතර මේ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුත කළා මතක ඇති.

500,000කට අධික Zoom ගිණුම් හැක් කර Dark Web එක තුළ අලෙවි කර ඇති බව අනාවරණය වෙයි
Coronavirus වසංගතයත් සමඟින් බොහෝ දෙනා නිවසේ සිට වැඩ කිරීම ආරම්භ කළ නිසාවෙන්ව්‍යාපාර, පාසැල් මෙන්ම අනෙකුත් ආයතන වල අවධානය Video Conferencing සේවාවන් වෙතයොමු වුණා. ඒ අතරින් ප්‍රසිද්ධ video සහ web conferencing සේවාවක් වන Zoom සේවාව පසුගිය දින වලලොව පුරා ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ අතර ඒ සමඟින්ම ඒ හ…

මේ සිදුවීම් වලින් අනතුරුව දින 90ක් යන තුරු අලුත් පහසුකම් ලබාදීම නවත්වා, ඒ වෙනුවට එහි ඇති ආරක්ෂක ක්‍රම වැඩිදියුණු කිරීම පිළිබඳව ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමු කරන බව Zoom ආයතනය ප්‍රකාශ කර සිටි අතර, දැන් අලුත් Zoom 5.0 update එකත් සමඟින් එම දුර්වලතා මගහරවාගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

මේ අලුත් update එක හරහා meeting එකක් ඉක්මණින් lock කිරීමට, සාමාජිකයින් ඉවත් කිරීමට සහ meeting වලදී screen sharing සහ chat කිරීම නැවැත්වීමට හැකියාව ලැබෙන අතර meeting data transfer කිරීමේදී AE 256-bit GCM encryption වෙත upgrade වීමටත් මොවුන් කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් මොවුන් පෙර සඳහන් කර තිබුණු ආකාරයේ end-to-end encryption ක්‍රමවේදයක් තවමත් අන්තර්ගත කර නොමැති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් Zoom ආයතනයේ CEO Eric S. Yuan විසින් ප්‍රකාශකර සිටියේ, තමන් මෙම දින 90ක සැලසුමකින් පසු එලඹි පියවර ගැන ආඩම්බර වන බවත්, මෙය ආරම්භයක් පමණක් බවත්‍, තමන් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගන්නා අතර ඔවුන්ට වඩාත් ආරක්ශිත platform එකක් ලබාදීමට දිගින් දිගටම කටයුතු කරන බවත්‍ ය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Zoom වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.