Facebook සමාගම ඔවුන්ගේ Messenger Kids app එක ලංකාව, ඉන්දියාව, ජපානය, නවසීලන්තය වැනි නව රටවල් 70කට අධික සංඛ්‍යාවකට ලබාදීමට තීරණය කර ඇති බව මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මෙම Messenger Kids සේවාව මුල්වරට 2017 වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපදයටද, 2018 දී කැනඩාව හා පේරූ රාජ්‍යයන්ටද නිකුත් කර ඇති අතර මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ලොව පුරා ළමයින්ට දුරස්ථව ඉගෙනීමට මේ සේවාව භාවිතා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

COVID-19 වෛරසය ව්‍යාප්තිය නිසා පුද්ගල දුරස්තභාවයේ අවශ්‍යතාවය මත පාසල් වසා දැමීමත් සමග දෙමාපියන් අන්කවරදාටත් වඩා තාක්‍ෂණය වෙත යොමුවී ඇති අතර තම දරුවන්ට මිතුරන්, ගුරුවරුන් හා පවුලේ අය සමඟ සම්බන්ධ වීමට ප්‍රයෝජනවත් මාධ්‍යයක් ලෙස Messenger Kids app එක අනෙකුත් රටවල් සඳහා ද ව්‍යාප්ත කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

Facebook සමාගම පවසන පරිදි ඔවුන් විසින් මෙම යෙදුම ක්‍රියා කරන ආකාරය පිළිබඳව සිදු කරනු ලබන වෙනස්කම් කිහිපයක් ද මේ සමඟින් නිවේදනය කර තිබෙනවා.

Messenger Kids සේවාව හරහා සන්නිවේදන කටයුතු සිදු කිරීමේදී මෙම දරුවන්ගේ video chat සහ messaging පහසුකම දෙමාපියන් විසින් අධීක්ෂණය කිරීමේ හැකියාව පුළුල් කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.‌‌

Messenger Kids යෙදවුම පෙරට වඩා වැඩි පාලනයකින් යුක්තය.‌‌

මේ සදහා Facebook සමාගම විසින් දරුවන් මිතුරන් සමඟ සම්බන්ධ කිරීමට දෙමාපියන්ට උපකාර කිරීම සඳහා නව විකල්ප තුනක් ඉදීරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Supervised Friending

මීට පෙර පැවති සංස්කරණයේදී තම දරුවා සඳහා friend request සිදු කිරීම හා accept කිරීමේ හැකියාව දෙමව්පියන් හට පමණක් තිබුණු අතර මෙම හැකියාව දරුවන් හට ලබාදීමට අවශ්‍යය නම්, එය සිදු කිරීමට දෙමව්පියන් ට හැකියාව ලැබෙනවා.

Sources : about.fb.com/news

කෙසේ වුවත් දරුවන් විසින් මෙලෙස contact එකක් add කරගැනීමේදී ‍ඒ ගැන notification එකක් මගින් දෙමව්පියන් ව දැනුවත් කරනු ලබන අතර අදාල contacts review කිරීමට, අවශ්‍යය නම් ඉවත් කිරීමට හෝ block කිරීමට Parant Dashboard එක හරහා ඔවුන් හට අවස්ථාව ලැබෙනවා.

තවද Facebook සමාගම පවසන පරිදි මේ Parent Dashboard එක හරහා දරුවන්ගේ මෑත කාලීන ක්‍රියාකාරකම් ද නිරීක්ෂණය කිරීමේ පහසුකම ‌දෙමාපියන්ට හිමි වෙනවා.

එමෙන්ම මෙහි යොදාගනු ලබන භාශාමය කොටස් කුඩා දරුවන් හට පහසුවෙන් තේරුම්ගත හැකි ලෙස සකස් කිරීමට Facebook සමාගමේ Youth Advisors හි සාමාජිකයෙකු වන ආචාර්යය Lewis Bernstein ගේ සහාය ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

Sources : about.fb.com/news
Connecting Kids Through Groups

‌දෙමාපියන්ට තම දරුවන් සිටින group එකක් ‌වෙත වැඩිහිටියකු එනම් ගුරුවරයකු, පුහුණුකරුවකු ‌හෝ ‌වෙනත් වැඩිහිටියකු ඇතුලත් කිරීමට හැකියාව ලැබෙන අතර මෙලෙස ඇතුලත් කරනු ලබන පුද්ගලයා හට group එකේ සිටින අනෙකුත් දරුවන් සමඟ සම්බන්ධ විය හැක්කේ එම දරුවන්ගේ දෙමවුපියන් විසින් ද ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත්නම් පමණි.

තවද දරුවන්ට තම මිතුරන් සමග group එකක් නිර්මාණයට ‌හෝ දැනට පවතින group එකකට එකතු වීමට අවශ්‍ය නම් දරුවන් විසින් අදාල group එකේ link එකක් ‌දෙමාපියන් ‌වෙත ඉදිරිපත් කර අවසරය ලබාගැනීම කලයුතුය.

‌දෙමාපියන්ට අදාල group වල සිටින තම දරුවාගේ මිතුරන් පිළිබද විස්තර ද Parent Dashboard එක හරහා නිරීක්ෂණයට නව සංස්කරණය තුලින් අවස්ථාව ලැබෙනවා.

Sources : about.fb.com/news
Helping Kids Connect With More Friends

Messenger Kids තුලින් මිතුරන් එකතු කරගැනීමට පහසු වන පරිදි තම දරුවාගේ නම සහ Profile photo එක තම දරුවා සමඟ දැනටමත් සම්බන්ධ වී ඇති දරුවන්ගේ මිතුරන් හට (friends of friends) සහ ඔවුන්ගේ දෙමාපියන් හට දර්ශනය වන ලෙස සකස් කිරීමේ අවස්ථාව දෙමාපියන්ට හිමි වෙනවා.

Sources : about.fb.com/news
විශේෂ කාරණය වන්නේ Messenger Kids App එක තුලින් ‌දෙමාපියන්ට තම දරුවන් ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණයට මූලික ස්ථානයක්  ලබාදීමය.

‌මෙම සියළු පහසුකම් නව සංස්කරණය සමග අප්‍රේල් මස 22 වැනි දින සිට ලබා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද‌‌‌‌යේ සිටින Messenger Kids පරිශීලකයන් හට හැකියාව ලැබෙන අතර අනෙකුත් රටවල් සදහා ඉදිරියේදී ක්‍රමානුකූලව ලබාදීමට කටයුතු කරන බව Facebook සමාගම ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Messengerkids.com වෙබ් අඩවිය, about.fb.com වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.