YouTube වෙබ් අඩවිය හා එහි සේවාවන් ‍වලට අලුත් පහසුකම් එකතු කිරීමට මෙන්ම තිබෙන පහසුකම් වැඩිදියුණු කිරීමටද Google සමාගම නිතරම කටයුතු කරනවා.

YouTube හි පවතින යම් කිසි විඩියෝවක් වෙනත් වෙබ් අඩවියකට ඇතුලත් කරන්නට අවශය වූ විට ඒ සදහා භාවිතා කල හැකි උපක්‍රමයක් ලෙස YouTube embed කියන පහසුකම හදුන්වා දෙන්න පුලුවන්.

කෙසේ නමුත් මෙවැනි Video එකක් වෙබ් අඩවියක දුටු විට ඔබට අදාල විඩියෝ එක සහිත Channel එක Subscribe කිරීමට අවශය වුවහොත් ඒ සදහා YouTube වෙබ් අඩවියට යාමට සිදුවෙනවා.

ඉතින් අන්න ඒ නිසා මේ සදහා නව විසදුමක් ලබා දෙන්න YouTube එක මේ වනවිටත් කටයුතු කර ඇති අතර මේ අලුත් කිරීමෙන් පසු සමාන්‍ය ලෙස YouTube හරහා විඩියෝවක්  නරඔන විට පෙන්වන ආකාරයටම අදාල YouTube channel එක‍ෙහි Logo එක පෙන්වන අතර එහිදී Subscribers ලා ප්‍රමාණය බලාගන්නත් අවශ්‍යය නම් Subscribe කරන්නත් හැකියාව ලැබෙනවා.

අලුතින් එකතු වුණු Channel එකේ විස්තර හා Subscribe button එක

ඒ වගේම Video එකේ ඉහලින් Title එක මතට mouse cursor එක ගෙන ගිය විට animation එකක් සමඟින් මේ අලුත් Subscribe option එකක් දැකගන්න අවස්ථාව තිබෙනවා.

ඉතින් මේ හරහා YouTube එකට content නිර්මාණය කරන පිරිසට තම Subscribers ප්‍රමාණය වැඩි කරගන්න වගේම නරඹන්නන් හට තම කාලය ඉතුරු කර ගැනීමටද හැකියාව ල‍ැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය හා engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.