2017 වර්ෂයේ Android Oreo මෙහෙයුම් පද්ධතියේ විශේෂාංගයක් ලෙස ලබා දුන් Picture in picture පහසුකම Google Chrome 70 වැනි සංස්කරණයත් සමඟින් පරිඝනක වලටත් ලබා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ Picture in picture පහසුකම හරහා පරිගනක තිරය මත, භාවිතා කරන්නාට කැමති ස්ථානයකින් තබාගතහැකි, එහා මෙහා කිරීමට හැකි තවත් තිරයක් පෙන්වීමට හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් මේ පහසුකම අප නරඹන සෑම video එකක් සඳහාම, සෑම වෙබ් අඩවියකම භාවිතා කිරීමට අවස්ථාව නොමැති අතර අදාල developer විසින් වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට මෙය ඇතුලත් කළ යුතු වෙනවා.

මේ පහසුකම අත්විඳිමට අවශ්‍යය නම් Google Chrome හි අලුත්ම සංස්කරණය වන 70 වැනි සංස්කරණය ඔබේ පරිඝනකයේ ස්ථාපනය කරගතයුතු වන අතර මේ වන විට Windows, Mac සහ Linux යන මෙහෙයුම් පද්ධති වල ස්ථාපනය කළ Chrome Browser එක හරහා අත්විඳිය හැකි වෙනවා.

දැනට YouTube වෙබ් අඩවිය හරහා මෙය අත්හදා බැලියහැකි වෙනවා. මේ සඳහා YouTube වෙබ් අඩවියට ගොස් කැමති video එකක් play කර ඒ මත දෙවරක් right-click කිරීමෙන් එන menu එක තුල ඇති Picture in picture පහසුකම enable කළ යුතු වන අතර එසේ කළ පසු අදාල video එක වෙනත් windows එකක් හරහා තිරයේ දිස්වීමට පටන් ගන්නවා.

ඉතින් මේ පහසුකම සෑම වෙබ් අඩවියකදීම අත්විඳින්නට කැමති නම්, ඒ වෙනුවෙන් නිර්මාණය කළ Chrome Extension එකක් ගැන ද දැනගන්නට ලැබෙන අතර Chrome web store එක හරහා මේ Picture-in-Picture extension එක download කරගැනීමට ද අවස්ථාව තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය, developers.google.com වෙබ් අඩවිය හා bgr වෙබ් අඩවිය භාවිතා කළ හැක. එමෙන්ම Picture-in-Picture Extension එක Chrome Web Store එක හරහා download කරගත හැක.