කැනඩාවේ සහ ඇමෙරිකානු එක්සත් ජනපදයේ සිට Google Play හරහා චිත්‍රපට මිලදීගත් සියළුදෙනා හට මේ වනතුරු මිලදීගත් සියළුම චිත්‍රපට 4K resolution එකෙන් නැරඹීමේ පහසුකම නොමිලයේ ලබා දෙන්නට Google සමාගම තීරණය කර තිබෙනවා.

මේ වනතුරු SD (standard definition) හෝ HD (high definition) ලෙස ලබා දී තිබූ සියළුම මිලදීගැනීම් මේ හරහා 4K ලෙස stream කිරීමට ඉඩ ලබා ‍දී තිබෙන අතර අලුතින් 4K movies මිලදීගන්නන් හට ද සහනයක් ලබා දෙමින් ඇමෙරිකානු ඩොලර් 30ක range එකේ තිබුණු මිළ ගණන් ඩොලර් 20 පමණ දක්වා අඩු කිරීමටත් Google සමාගම කටයුතු කර තිබෙන බව ඔවුන්ගේ නිළ blog අඩවියෙහි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව Sony Bravia සහ බොහෝමයක් Samsung Smart TV සඳහා ද Google Play Movies හරහා මේ පහසුකම ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති අතර LG TV සඳහා ද මෙය ලබා දීමට බළාපොරොත්තු වන බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog අඩවිය හා theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.