YouTube ආයතනය විසින් මේ වන විට කළාකරුවන් වෙනුවෙන්, වැඩිදියුණු කළ නව Analytics features කිහිපයක් එකතු කර ඇති අතර එමඟින් කළාකරුවන් සඳහා ඔවුන්ගේ ලොව පුරා විසිරි සිටින රසිකයන් පිළිබඳ තේරුම් ගැනීමට පහසු වන බව ප්‍රකාශ කරනවා.

YouTube Studio හරහා official artist channels ඇති කළාකරුවන් හට මෙම නව analytics features මේ වන විටද පරිශීලනය කිරීමට හැකියාව ලබා දී ඇති බව වාර්ථා වන අතර මේ හරහා global audience එකේ හැසිරීම, performance insights, real-time access කිරීම සඳහා YouTube Studio mobile app එකද තව දුරටත් වැඩි දියුණු කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

New YouTube Analytics for Artists

කළාකරුවන් හට ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා නව "Total Reach" නම් වූ feature එකක් එක් කර ඇති අතර එමඟින් තමන්ගේ music නිර්මාණ තම channel එක හරහා මෙන්ම අනෙකුත් පුද්ගලයින් හරහා ප්‍රේක්ෂකයින් වෙත reach වෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ගැනීමට හැකියාව ලැබෙනවා.

Source: YouTube

අලුත්නි හඳුන්වාදුන් තවත් පහසුමක් වන Song Details පහසුකම හරහා එම ගීතය යොදාගනිමින් වෙනත් පුද්ගලයින් විසින් නිර්මාණය කළ videos, cover songs, dancing videos මෙන්ම අනෙකුත් videos පිළිබඳව තොරතුරු බලාගැනීමට හැකියාව ලැබෙනවා.

මේ තොරතුරු වැදගත් වන්නේ ඇයිද යන්න උදාහරණයකින් පෙන්වීමට Google සමාගම කටයුතු කර ඇති අතර, ඔවුන් ඉදිරිපත් කරනු ලබන තොරතුරු අනුව, YouTube මත සිටින කළාකරුවන්ගෙන් උඩින්ම සිටින 1,000 දෙනා හට ලැබෙන views වලින් 20%ක පමණ ප්‍රමාණයක් මෙවැනි අවශේෂ videos හරහා ලැබෙන බව YouTube ආයතනය පෙන්වා දෙනවා.

කළාකරුවන් සඳහා ඔවුන්ගේ videos වල impressions, clicks, demographics, retention වැනි බොහෝ දේ දැන් real-time ලෙසින් දැක බලා ගැනීමට හැකියාව ලබා දී ඇති අතර YouTube Studio mobile app එක මඟින් ඔවුන්ගේ දුරකථනයෙන් පවා අදාල විස්තර පහසුවෙන්ම බලා ගැනීමට හැකියාව ලබා දී තිබෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට Android Central වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.