ඉන්දියානු ජංගම දුරකථන පරිශීලකයින්ට mobile apps 60 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී මේ වන විට සති දෙකක පමණ කාලයක් ගත වී ඇති අතර ඉන්දියානුවන් අතර අතිශය ජනප්‍රිය කෙටි වීඩියෝ නිර්මාණය සඳහා වෙන්ව තිබූ Tiktok, Likee සහ Hello වැනි apps ද මේ සමග අහිමි වීම ඔවුන්ගේ වඩාත් කනස්සල්ලට හේතු වී තිබෙන බව දැකගත හැකි වෙනවා.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයි
ඉන්දියාව සහ චීනය අතර පසුගිය දින වල දේශ සීමා නිසාවෙන් ඇතිවී තිබුණු උණුසුම්තත්ත්වය පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇති. ඔන්න දැන් ඉන්දියාව විසින් ඔවුන්ගේ රටේ ආරක්ෂ‍ාව වෙනුවෙන් චීනය විසින් නිෂ්පාදනය කළapps 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කර ඇති අතර එරට තුළ මෙන්ම ලොව පුරාඉතාමත් ජනප්‍රිය TikTok,…

මෙම apps සඳහා ඉතා විශාල fan base එකක් සිටිනවා පමණක් නොව බොහෝ දෙනෙකු එය මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස ද භාවිතා කරනු ලබනවා.

මේ නිසා කෙටි වීඩියෝ නිර්මාණය සඳහා Tiktok වැනි app එකක අවශ්‍යතාවය ඉන්දියානුවන්ට තදින්ම දැනී තිබෙන පසුබිම තුළ ඊට විකල්පයක් ඉන්දියානු App Developer කෙනකු විසින් කෙටි වීඩියෝ නිර්මාණය සඳහා Litlot නම් නව App එකක් හඳුන්වාඳීමට කටයුතු කර තිබෙනවා.

LitLot - Apps on Google Play
Ever wanted to create SHORT VIDEOS using an INDIAN APP? then your search ends here. This app has all the feature to create awesome short videos with beauty, filters and music. =========FEATURES=========🎥 Video RecordingYou can record awesome short videos of 15 or 60 seconds with front and b…

Litlot App එක මගින් පරිශීලකයන් හට කෙටි වීඩියෝ Record කිරීමට, Share කිරීමට හැකියාව ලබා දෙන අතර එම වීඩියෝ වල ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සඳහා filters සහ effects බොහෝ ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

එමෙන්ම වඩා පහසුවෙන්, Video Create කිරීමට හා Edit කිරීමට හැකියාව ලැබෙන පරිදි user interface එක ද නිර්මාණය කර ඇති අතර මෙම නිර්මාණාත්මක platform එක මඟින් Tiktok App එකේ අවශ්‍යතාවය සම්පූර්ණයෙන් ම පාහේ සපුරන්නට මේ වෙන විට සමත් වී තිබෙන බව වාර්ථා වෙනවා.

නමුත් ඇතැම් පරිශීලකයින් මේ Litlot app එකෙහි, Tiktok App එකට සාපේක්ෂ ව filters, effects, templates සහ stickers වැනි දේවල් වල යම් අඩුවක් තිබෙන බව සඳහන් කර ඇතත්, ඉදිරියේ දී updates ලෙස එම දුර්වලතා මඟහැරීමට කටයුතු කරනු ඇති බව ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙම App එක නිකුත් කර මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගත වී ඇති අතර එම කෙටි කාලය තුළ downloads ගණන මිලියනය ඉක්මවා යෑමට සමත් වී තිබෙනවා.

Tiktok App එක නිකුත් කර මේ වන විට වසර 5 ක් පමණ ගත වී තිබුණ ද ඊට මේ වන තෙක් ලැබී ඇත්තේ 3.6 ක Star Rating එකක් පමණක් වන අතර මේ app එක 4.3 ක් තරම් ඉහළ Star Rating එකක් ලබා ගැනීමට ද සමත් වී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා RepublicWorld වෙබ් අඩවිය සහ Google Play Store page එක භාවිතා කළ හැක.