iOS දුරකථන භාවිතා කරන පරිශීලකයින් ප්‍රමාණයට වඩා Android දුරකථන භාවිතා කරන පරිශීලකයින් සංඛ්‍යාව පස් ගුණයකින් පමණ වැඩි විමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට Apple App Store එකෙහි ති‍බෙන apps ප්‍රමාණයටත් වඩා ඉතාමත් වැඩි apps ප්‍රමාණයක් Google Play Store හි දැක ගැනීමට හැකියාව ලැ‍බෙනවා.

මෙම හේතුව නිසාම Android සඳහා app review process එක සිදු කිරීම ඉතාමත් අපහසු කාරණයක් වන අතර බොහෝ විට මේ දුර්වලතාවය මුල් කරගෙන අනතුරුදායක apps, Google Play Store එක හරහා පරිශීලකයින් වෙත ලඟාවීමට කටයුතු කළ අවස්ථා කිහිපයක් ගැනම අපි මීට පෙර ඔබව දැනුවත් කර තිබෙනවා.

Adware අන්තර්ගත වූ Apps 38ක් Google Play Store වෙතින් ඉවත් කිරීමට Google සමාගම කටයුතු කරයි
පරිශීලකයන්ට ව්‍යාජ ads සහ Malware වැනි හානිදායක apps වල ads සහ link පෙන්වීමටකටයුතු කල Selfie හා Beauty camera App 38 ක් Play store වෙතින් ඉවත් කිරීමට Googleසමාගම කටයුතු කර තිබෙනවා. මේ අතරින් ඇතැම් apps install කර open කිරීමෙන් අනතුරුව එහි app icon එක hide කරනලෙස සකස් කර ඇති අතර, ඒ හරහා පරිශීලකයා…

කොහොම නමුත් පරිශීලකයින් හට භාවිතා කිරීමට නුදුසුදු apps පිළිබඳව වාර්ථා වූ විගසම එවැනි apps, Play Store වෙතින් ඉවත් කිරීමට Google සමාගම කටයුතු කරන අතර, XDA-Developers වෙබ් අඩවිය වාර්ථා කරන අන්දමට මේ වන විට Facebook phishing සඳහා භාවිතා කළ apps 25 ක් Google Play Store එකෙන් ඉවත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

ප්‍රංශයේ cyber-security ඒජන්සියක් වන Evina ආයතනය විසින් මෑතකදී පරිශීලකයින්ගෙන් Facebook login details ලබා ගන්නා apps 25 ක් පිළිබඳව මැයි මාසයේදී Google සමාගම වෙත වාර්ථා කළ අතර මෙම apps විශේෂයෙන්ම wallpaper apps, image සහ video editors, flashlight apps, games සහ file manager apps ලෙස Google Play Store එකේ තිබී ඇති බවට වාර්ථා වෙනවා.

Fake Facebook login page in the overlay; Image courtesy of Evina

Zdnet වෙබ් අඩවිය මඟින් වාර්ථා වන්නේ මේ වන විට ඉවත් කළ සමහර apps Play Store හි වසරකට වැඩි කාලයක් තිබූ බවත්, ඉවත් කරන අවස්ථාව වන විට මේවා පරිශීලකයින් මිලියන 2.34ක් පමණ install කරගැනීමට කටයුතු කර තිබුණු බවත් ය.

Google සමාගම විසින් ඉවත් කරන ලද apps ලැයිස්තුවට ඇතුළත් වන්නේ:

Image: Evina

කෙසේ වෙතත් මේ වන විට මෙම apps 25 Play Store එකෙන් ඉවත් කර ඇති අතර පරිශීලකයින් හ‍ට මෙම apps දැනටමත් භාවිතා කරනවා නම් ඔවුන් හට Play Protect feature එක මඟින් මේ පිළිබඳව දැනුවත් කිරීමට ද කරනු ලැබනවා.

ඉහත නම් සඳහන් apps අතරින් එකක් හෝ ඔබත් භාවිතා කරනු ලැබුවේ නම්, එය වහාම ඉවත් කර ඔබගේ Facebook ගිණුමේ password එක වෙනස් කර, එහි 2-factor authentication පහසුකම enable කරගැනීම නුවණට හුරු කටයුත්තක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Zdnet වෙබ් අඩවිය භාවිතා කළ හැක.