Google සමාගමේ Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනයන් වුණු Google Pixel 4a 5G මාදිලිය සහ Pixel 5 මාදිලිය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එළිදැක්වීමට කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google සමාගම විසින් Google Pixel 5 සහ Pixel 4a 5G ජංගම දුරකථන එළිදැක්වීමට කටයුතු කරයි
Google සමාගමේ Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය වන Pixel 5 සහ Pixel4a 5G ජංගම දුරකථන එළිදැක්වීමට නියමිත Launch Night In event එක ඊයේ දිනයේපැවැත්වීමට කටයුතු යෙදුණු අතර මේ පිලිබඳව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Pixel 5 ජංගම දුරකථනය මීළඟ සැප්තැම්බර් 30 වැනි දින එළිදැක්වීමට Google සම…

මේ දක්වා Google සමාගමේ ජංගම දුරකථන මාලාව වන Google Pixel ජංගම දුරකථන මාලාවේ කොටස් දෙකක් දැකියහැකි වූ අතර එහි ප්‍රධාන lineup එක Pixel 1,2,3,4 සහ 5 ලෙස මෙන්ම mid-range lineup එක Pixel 3a, 4a ලෙස නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ නමුත් මෙම ප්‍රධාන lineup ද්විත්වයටම අදාල නොවන Pixel XE නම් වූ තවත් ජංගම දුරකථන මාදිලියක් පිළිබඳව තොරතුරු මේ වන විට අන්තර්ජාලයට එකතු වී තිබෙනවා.

මේ පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වී තිබුණේ Tom's Hardware වෙබ් අඩවියේ ඉතාලි භාශාවෙන් පළවන සංස්කරණයේ පළ වූ ලිපියකින් වන අතර, පසුව SlashLeaks නම් වූ තවත් වෙබ් අඩවියක් විසින් මීට සමාන ආකාරයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතු කර තිබෙනවා.

මෙම ජංගම දුරකථනයේ NFC පහසුකම සහ Simcard slots ද්විත්වයක් ඇති බව දැකගත හැකි වන අතර, සාමාන්‍යය Pixel 4a සහ Pixel 5 ජංගම දුරකථන වලට සාපේක්ෂව තරමක් විශාල bezels වලින් යුක්ත වන බව ද දැකගත හැකි වෙනවා.

එමෙන්ම ඉදිරිපස punch hole camera එක screen එකේ උඩ කොටසෙහි මැදින් පිහිටා ඇති බව දැකගත හැකි වන නමුත් තවමත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා හැකියාවක් ලැබී නැහැ.

මේ පිළිබඳව අදහස් දක්වමින් GSM Arena වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම මාදිලි නිකුත් වී තවමත් මාස කිහිපයක් පමණක් ගතවී ඇති බැවින් මේ අලුත් Pixel XE මාලිදිය ඉතා ඉක්මණින් බළාපොරොත්තු විය නොහැකි බව වන අතර කොහොම නමුත් ඉදිරියේදී මේ පිළිබඳව වැඩි විස්තර දැනගත හැකි වනු ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ TechRadarවෙබ් අඩවිය භාවිතා කළ හැක.