YouTube Music වල ඇති ‘Hotlist’ එක වෙනුවට ‘Explore’ tab එක හදුන්වා දීමට YouTube ආයතනය සූදානම් වෙමින් සිටින බව මීට දින කිහිපයකට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් මේ feature එක iOS සහ Android මත YouTube Music app එක භාවිතා කරනු ලබන සියළුම පරිශීලකයින් සඳහා ලබාදීමට YouTube ආයතනය කටයුතු කරමින් සිටිනවා.

YouTube Music වල ඇති ‘Hotlist’ එක වෙනුවට ‘Explore’ tab එක හදුන්වා දීමට YouTube ආයතනය සූදානම් වෙයි
පසුගිය කාලයේදී YouTube සමාගම විසින් YouTube Android සහ iOS app වල වෙනස්කම් සිදුකරමින් trending tab එක වෙනුවට ‘Explore’ යනුවෙන් නව Tab එකක් හඳුන්වාදීමට කටයුතුකරනු ලැබුවා. Google rolls out the “Explore” tab in YouTube for Android and iOSGoogle isrolling out an update to the YouTube app on Android …

පරිශීලකයින් හට තමන් කැමති ගීත, albums මෙන්ම music video හෝ තමන් එම අවස්ථාවෙි සිටින mood එක අනුව ගීත සොයාගැනීමේ හැකියාව වැනි පහසුකම් කිහිපයක් මේ update එකට අන්තර්ගත වන අතර එහි ඇති දෑ ඔබ‍ට ගැලපෙන බව හැඟෙන්නේ නම් “See all” යන option එක හරහා සම්පුර්ණ List එකම බැලීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව අපි පෙර සඳහන් කළ ආකාරයට අදාල music tracks සඳහා lyrics, එහෙමත් නැතිනම් ගී පද සඳහා සහාය ද මෙයට අන්තර්ගත වෙන අතර YouTube Music නොමිලයේ හෝ මුදල් ගෙවා භාවිතා කරනු ලබන සියළුම පරිශීලකයින් හට මෙම පහසුකම් සියල්ලම ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5googleවෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක