Google සමාගම විසින් සිය Google Play Music සේවාව වෙනුවට YouTube Music සේවාව හඳුන්වා දෙමින් සිටින අතර පසුගිය කාලය පුරාවටම ඔවුන් විසින් YouTube Music වෙත නව පහසුකම් රාශියක් හඳුන්වාඳීමට ද කටයුතු කරනු ලැබුවා.

දැන් Google සමාගම විසින් Android TV සඳහා විශේෂිත වූ YouTube Music app එකක් හදුන්වාඳීම වෙනුවට, පවතින YouTube app එකටම මෙම පහසුකම ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

Android TV වල YouTube app එකෙහි ඇති sidebar එකට server-side update එකක් හරහා “Music” යනුවෙන් නව tab එකක් එකතු කර ඇති අතර, මෙම tab එකෙහි ඔබගේ Music account එකෙහි අන්තර්ගතයත් සමඟ සාමාන්‍ය YouTube recommendations ද ඇතුළත් වෙනවා.

මේ අලුත් Tab එක හරහා ඔබ විසින් like කළ අනෙකුත් පරිශීලකයින්ගේ playlist මෙන්ම ඔබගේ likes, playlists, mixes, genre සහ mood stations, artist stations සහ recommended playlists පෙන්වනු ලබනවා.

කෙසේ නමුත් YouTube app එක music player එකක් නොවීම නිසා මෙහි අඩුපාඩු රාශියක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර background playback පහසුකම අන්තර්ගත නොවීම, shuffle හෝ repeat options නොමැති වීම, audio සහ video අතර මාරුවීමට toggle එකක් නොමැති වීම, ඔබගේ playlists කළමනාකරණය කළ නොහැකි වීම සහ ඔබගේ full library එකට හෝ upload කළ musics සඳහා ද මේ හරහා ප්‍රවේශ වීමට හැකියාවක් නොමැති වීම මෙහි ඇති අඩුපාඩු අතර කැපී පෙනනවා.

YouTube for Android TV - Apps on Google Play
YouTube your way on the biggest screen in the house, from a playlist of music videos to your favorite comedy channels. Finding something to watch is simple with voice search.

මෙම පහසුකම ලබා දී ඇත්තේ Android TV සඳහා වෙනම YouTube Music app එකක් හදුන්වා දෙන තෙක්ද යන්න බොහෝ දෙනෙකුගේ සිතෙහි ඇති ගැටළුවක් වුවත් ඒ පිළිබඳව විස්තරයක් තවමත් ලැබී නොමැත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක