දින කිහිපයකට පෙර Amazon සමාගම විසින් ඔවුන්ගේ Amazon Music සේවාවේ free tier එකක් හඳුන්වා දීමට සූදානම් වන බව ඔබට දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Amazon සමාගම වගේම Google සමාගමත්, තම තමන්ගේ Smart home devices වලට පිළිවෙලින් Amazon Music සහ YouTube Music වල free tier එකක් ලබා දීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ YouTube Music හා Amazon Music වල ‍free tier එක හරහා නොමිලයේ Music වලට සවන්දීමට හැකියාව ලබා දී තිබුණත් ඒ හරහා වෙළඳදැන්වීම් ප්‍රචාරය කිරීමට ද මෙම සමාගම් කටයුතු කර තිබෙනවා.

YouTube Music වල නොමිලයේ ලබා දෙන tier එක Google Play Music වල තිබෙන free tier එකට සමාන වන නමුත් යම්කිසි ගීතයක් හෝ Album එකක් සෘජුවම ඉල්ලා සිටීමේ හැකියාවක් මෙම packages දෙකටම ඇතුලත් නොවන බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

Amazon Music වල free tier එක තවමත් ඇමෙරිකාවට පමණක් සීමා කර ඇති අතර YouTube Music වල free tier එක US, Canada, Mexico, Australia, Great Britain, Ireland, Germany, France, Italy, Spain, Sweden, Norway, Denmark, Japan, the Netherlands සහ Austria යන රටවල් වලට ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.