Twitch කියන්නෙත් live stream වගේ video streaming වලට ගොඩක් ජනප්‍රිය නමුත් ලංකාවේ සාමාන්‍යය ජනතාව අතර එතරම් ප්‍රසිද්ධ නැති platform එකක්.

YouTube වල නවතම update එක මගින් මෙම Twitch වල තිබෙන features කිහිපයක් සහ තවත් විශේෂාංග කිහිපයක් වැඩි දියුණු කර ඒවා YouTube වලට එකතු කිරීමට කටයුතු කර තිබෙනවා.

YouTube Clips

මේ feature එක ලබා දී තිබෙන්නේ Viewers ලා හට, මෙමඟින් ඔබට ඔබ නරඹන ඕනෑම video එකක (live stream ද ඇතුළත්ව) තත්ත්පර 5ත් - 60ත් අතර ඔබගේ සිත්ගන්නා කොටසක් cut කර ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

මෙම කොටස cut කර ලබා ගත් පසු ඔබට ඒ සඳහා shorten link එකක් ලැබනවා. එමගින් ඔබට එම කොටස ඔබගේ යහලුවෙකුට හෝ ඔබගේ සමාජ මාධ්‍ය වල ප්‍රචාරණය කිරීමේ හැකියාව ලැබෙනවා.

මෙම Clip පහසුකම Content creator වරයා විසින් enable කළ යුතු වන අතර, ඒ සඳහා හැකියාව ලැබෙන්නේ අවම ව්‍යයෙන් 1,000 subscribers සීමාව පසු කළ gaming content creator වරුන් සඳහා පමණක් බවත් YouTube ආයතනය ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් ඉදිරියේදී මෙම පහසුකම සියළුම YouTube channel හිමිකරුවන් වෙත ලබාදීමට ඔවුන් සූදානමින් සිටින බව ද වාර්තා

Subscribers Only Chat

මේ feature එක වඩාත්ම වැදගත් වන්නේ Content Creators ලා හටයි. මෙමගින් live stream වලදී වගේම එම stream එක සිදු කරන YouTube Channel එක Subscribe කර ඇත්නම් පමණක් live chat එකට සම්බන්ධ වීමේ හැකියාව ලැබෙන ලෙස සකස් කළ හැකි වෙනවා.

View post on imgur.com

මෙය ඔබට ඔබගේ Live Stream YouTube Studio එකේ live chat යටතේ ඇති settings වලින් මෙම option එක සකස් කර ගැනීමේ හැකියාව තිබෙන මේ option එක හරහා ඔබගේ subscriber වරුන් ප්‍රමාණය වැඩි කරගැනීමට ද හැකියාව ලැබෙනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

Live Stream Polls

මෙම විශේෂාංගය creators සහ viewers ලා යන දෙපාර්ශවයටම වැදගත් විශේෂාංගයක්. මෙමගින් ඔබට ඔබගේ live stream එකත් සමඟ එක්වී සිටින පුද්ගලයන්ගෙන් live chat එක හරහා විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරමින් Polls නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

View post on imgur.com

විශේෂයෙන්ම live stream එකක් අතරතුර වැඩසටහන පිළිබඳව යම්කිසි decision එකක් ගැනීම සම්බන්ධයෙන් තම audience එකෙන් ප්‍රශ්න ඇසීමට අවශ්‍යය වන්නේ නම්, දැන් එය real-time ලෙසම සිදු කිරීමේ හැකියාව YouTube වෙතින් ලබාදී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ YouTube Support page එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.